
After 6 years, overtaking Bella Poarch, Leah Halton has set a new Guinness World Record for the most-liked TikTok of all time.
TikTok වේදිකාවේ වැඩිම ලයික් (Most liked video on TikTok) ප්රමාණයක් ලබාගත් ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියූ Bella Poarch ගේ වාර්තාව බිඳ හෙලීමට ඕස්ට්රේලියානු නිර්මාණකාරිනියක වන Leah Halton මේ වන විට සමත්ව තිබෙනවා. 2020 අගෝස්තු මාසයේදී "M to the B" ගීතයට Bella Poarch ඉදිරිපත් කළ වීඩියෝව likes මිලියන 75ක් ලබාගෙන වසර 6ට ආසන්න කාලයක් මෙම ලෝක වාර්තාවට හිමි කම් කියූ අතට, 2022 ජනවාරි 25 වනදා ගිනස් ලෝක වාර්තාව ලබාගන්නා විට ලබා තිබුනේ likes මිලියන 54.9කි.
2024 පෙබරවාරි මාසයේදී Leah Halton විසින් මෝටර් රථයක් තුළ සිට YG Marley ගේ "Praise Jah in the Moonlight" ගීතයට ඉදිරිපත් කළ Lip-sync වීඩියෝව වසර දෙකකට වැඩි කාලයක් පුරා අඛණ්ඩව likes මිලියන 77.7ක් ලබා ගනිමින් Bella Poarch ගේ වාර්තාව පසුකර ගොස් තිබේ.
TikTok හි වැඩිම likes ප්රමාණයක් ලබාගත් වීඩියෝ හිමි පරිශීලකයන් 10:
2026 වසරේ නවතම දත්ත අනුව TikTok ඉතිහාසයේ වැඩිම ලයික් ලබාගත් වීඩියෝ 10 ක ලැයිස්තුව මෙන්න:
Leah Halton – මෝටර් රථයක් තුළ සිට කළ Lip-sync වීඩියෝව (ලයික් මිලියන 77.7)
Bella Poarch – "M to the B" Lip-sync වීඩියෝව (ලයික් මිලියන 75)
Nick Luciano – "SugarCrash" ගීතයට කළ Lip-sync වීඩියෝව (ලයික් මිලියන 57.0)
Jamie Big Sorrel Horse – "Say it Right" ගීතයට සිදු කල වීඩියෝව (ලයික් මිලියන 54.4)
Franek Bielak – මුඛයක හැඩය අඳින චිත්ර වීඩියෝව (ලයික් මිලියන 52.1)
Gabby Murray – Chocolate covered strawberries වීඩියෝව (ලයික් මිලියන 51)
Mona Gonzales – "Suave" ගීතය ගායනා කරන වීඩියෝව (ලයික් මිලියන 46.2)
Totouchanemu – ඩ්රෝන කැමරාවක් භාවිතයෙන් ගත් නර්තන වීඩියෝව (ලයික් මිලියන 45.7)
Billie Eilish – "Time Warp Scan" ෆිල්ටරය සහිත වීඩියෝව (ලයික් මිලියන 43.1)
Adrian Chateau Wiles – Bark at your dog වීඩියෝව (ලයික් මිලියන 40.9)
ඔයා කැමති Bella Poarchගේ වීඩියෝ එකටද Leah Haltonගේ එකටද?
Discussion
No comments yet — start the conversation.