
Avengers: Endgame Encore footage leaks online ahead of tomorrow’s release
හෙට දිනයේ නිකුත් වීමට නියමිත Avengers: Endgame Encore චිත්‍රපටයේ විනාඩි 4ක අතිරේක දර්ශන සහ post credit දර්ශන අනවසරයෙන් අන්තර්ජාලයට කාන්දු වෙයි
Avengers: Endgame Encore චිත්‍රපටය හෙට දිනයේදී ලොව පුරා චිත්‍රපට ශාලා තුළ තිරගත වීමට නියමිතව තිබියදී, ඊට අලුතින් එක් කරන ලද දර්ශන කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට අනවසරයෙන් නිකුත් වී තිබෙනවා. එළඹෙන දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත Avengers: Doomsday චිත්‍රපටයට සෘජු පූර්විකාවක් සපයන මෙම නව දර්ශන 𝕏 සහ Telegram වැනි සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර, Marvel Studios සමාගම විසින් කඩිනමින් ඒවා ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.
මෙම විශේෂිත නැවත තිරගත කිරීම සඳහා මුල් චිත්‍රපටයට අලුතින් මිනිත්තු හතරක පමණ අතිරේක දර්ශන සහ post credit දර්ශන ප්‍රමාණයක් එක් කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම කාන්දු වූ වීඩියෝ දර්ශන මඟින් මීළඟ චිත්‍රපටය සඳහා අතිශය වැදගත් වන අනාගත කතා තේමාවන් රැසක් හෙළිදරව් කර ඇති අතර, ප්‍රමුඛ පෙළේ පුවත් සේවාවන් විසින් ද මෙම දර්ශනවල සත්‍යතාවය මේ වන විටත් තහවුරු කර තිබෙනවා.
මෙම අලුතින් එක් කළ දර්ශන මඟින් Avengers: Doomdsday සම්බන්දව spoilers ඇති බැවින්, හෙට දිනයේ චිත්‍රපට ශාලාවට ගොස් අදාළ චිත්‍රපටය නරඹන තෙක් 𝕏 සහ Telegram ඔස්සේ සංසරණය වන මෙවැනි spoilers වලින් හැකිතාක් ආරක්ෂා වන ලෙසට ලොව පුරා Marvel රසිකයින්ගෙන් මේ වන විට දැඩිව ඉල්ලා සිටිනවා.
අදාල දර්ශන
Discussion
No comments yet — start the conversation.