
Best of the Best movie starring Maitreyi Ramakrishnan faces cultural appropriation backlash from Indian viewers.
Best of the Best faces cultural appropriation backlash from Indian viewers. Maitreyi Ramakrishnan, a Tamil Canadian, is criticized for playing a North Indian/Bollywood-themed role. Critics argue a North Indian actress should have been cast, sparking debates on representation and identity.
උතුරු ඉන්දියානු තේමාවක් සහිත චරිතයකට දෙමළ ජාතිකයෙක් තෝරා ගැනීම හේතුවෙන් Maitreyi Ramakrishnanගේ Best of the Best චිත්‍රපටයට ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙන් ද දැඩි විරෝධයක්.
කැනේඩියානු ජාතික නිළි Maitreyi Ramakrishnan ප්‍රධාන චරිත නිරූපණය කරන නවතම Netflix චිත්‍රපටය වන Best of the Best චිත්‍රපටයට ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ල වූ දැවැන්ත විරෝධයට අමතරව, මේ වන විට ඉන්දියාවේ ප්‍රේක්ෂකයින්ගෙන් ද දැඩි විරෝධයක් සහ විවේචන එල්ල වෙමින් පවතිනවා.
මෙලෙස ඉන්දියානුවන්ගෙන් ප්‍රබල විරෝධයක් එල්ල වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Bollywood හෙවත් උතුරු ඉන්දියානු තේමාවක් සහිත ප්‍රධාන චරිතයකට දෙමළ ජාතිකයෙක් තෝරා ගැනීම වන අතර, එය වෙනත් සංස්කෘතියක් අනිසි ලෙස භාවිත කිරීමක් (cultural appropriation) බවයි.
ඇමරිකාවේ UCLA විශ්වවිද්‍යාලයේ Bollywood fusion නර්තන කණ්ඩායමක් පසුබිම් කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ ගුණාත්මකභාවයට වඩා, ප්‍රධාන නිළියකගේ ජාතිකත්වය සහ දකුණු ආසියාතික නියෝජනය පිළිබඳව මතු වූ මතභේදාත්මක තත්ත්වය මීට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
මෙහිදී ඉන්දියාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් සහ විවේචකයින් චෝදනා කරන්නේ Maitreyi Ramakrishnan යනු ඉන්දියානු ජාතිකයෙකු නොවන බැවින්, Bollywood නර්තන තේමාවක් සහිත චරිතයක් රඟපෑම වෙනත් සංස්කෘතියක් අනිසි ලෙස භාවිත කිරීමක් වන බවයි. මේ සඳහා උතුරු ඉන්දියානු සම්භවයක් සහිත නිළියක් යොදාගත යුතුව තිබූ බවත්, ඉන්දියානු ජාතිකයෙකු නොවන පසුබිමක මෙවැනි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කිරීම මඟින් ඉන්දියාව වැරදි ලෙස නියෝජනය වන බවත්, මෙය ඉන්දියානු අනන්‍යතාවය සහිත චරිත සොරකම් කිරීමක් බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට එරෙහිව දැවැන්ත විරෝධතා රැල්ලක් නිර්මාණය වී තිබෙනවා.
මෙම මතභේදයත් සමඟ උතුරු සහ දකුණු ඉන්දියානු මතවාදී ගැටුම මෙන්ම දකුණු ආසියාවේ රූපලාවණ්‍ය ප්‍රමිතීන් (beauty standards) පිළිබඳව ද සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.