Rumors: Shah Rukh Khan set to announce retirement after King

Rumors: Shah Rukh Khan set to announce retirement after King

King චිත්‍රපටයෙන් පසු බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රංගන ජීවිතයෙන් සමුගන්නා බවට නිළ නොවන වාර්තා

බොලිවුඩ් නළු Shah Rukh Khan රංගනයෙන් සමුගැනීමට සූදානම් වන බවට තහවුරු නොකළ ආරංචි මාර්ග කිහිපයක් පදනම් කරගනිමින් මේ වන විට ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ලබන දෙසැම්බර් 24 වනදා තිරගත වීමට නියමිත King චිත්‍රපටයෙන් පසුව ඔහු සිය රංගන දිවියට සමුදීමට සැලසුම් කරන බවයි එම කටකතාවල දැක්වෙන්නේ.

Siddharth Anand ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඔහුගේ දියණිය Suhana Khan ද රංගනයෙන් එක්වන King චිත්‍රපටය, ඔහුගේ අවසන් සමුගැනීමේ චිත්‍රපටය වනු ඇති බවට ඔහු සමීපතමයින් කිහිප දෙනෙකු සමඟ පවසා ඇති බවට මෙම ආරංචි මඟින් ප්‍රකාශ වනවා. ඉන් අනතුරුව රංගන ක්ෂේත්‍රයේ පීඩනයෙන් මිදී තම ව්‍යාපාර කටයුතු, ක්‍රිකට් කණ්ඩායම් හිමිකාරීත්වයන් සහ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට ඔහු අපේක්ෂා කරන බව ද සඳහන් වෙනවා. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරන අවස්ථාවේදී හෝ නොවැම්බර් මාසයේ යෙදෙන ඔහුගේ උපන්දිනය දා මේ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදුකිරීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් මීට පෙර ද මෙවැනි විශ්‍රාම ගැනීම් පිළිබඳ කටකතා අවස්ථා ගණනාවකදීම මතුවුවත් ඒ කිසිවක් සත්‍ය නොවූ බව බොලිවුඩ් විචාරකයින් සිහිපත් කරනවා. කිසිදු නිල තහවුරු කිරීමක් නොමැති වුව ද, රසිකයින් මේ වන විටත් ඒ වෙනුවෙන් උපහාර වීඩියෝ සහ පෝස්ටර් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් සිටින අතර, මෙය හුදු ප්‍රචාරක උපක්‍රමයක් ද නැතහොත් තවත් එක් කටකතාවක් පමණක් ද යන්න ඉදිරියේදී තහවුරු වනු ඇති.