
“සුපිරි වීර ජම්බො” Cartoon කතාමාලාව දැන් YouTube ඔස්සේ
ශ්‍රී ලාංකීය සජීවිකරණ කලාවේ නවතම සලකුණක් සටහන් කරමින්, 100% ක් දේශීය නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණය වූ සුපිරි වීර ජම්බො නමැති නවතම Cartoon කතාමාලාව මේ වන විට YouTube ඔස්සේ නිකුත් කර තිබෙනවා.
විදේශීය කාටූන් සහ සජීවිකරණ නිර්මාණවලට පමණක් සීමා වී සිටි ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට මෙය නැවුම් අත්දැකීමක් ගෙන එන අතර, සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික තරුණ නිර්මාණකරුවන් පිරිසකගේ එකතුවකින් මෙය නිර්මාණය වී තිබෙනවා.
මෙහි ඇති විශේෂිතම කරුණ වන්නේ, ශ්‍රී ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ අතිශය ජනප්‍රියත්වයට පත් Cartoon කතාමාලාවන් සඳහා හඬකැවූ ප්‍රවීණ හඬකැවීම් ශිල්පීන් ඇතුළුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මෙම “සුපිරි වීර ජම්බො” හි චරිත සඳහා සිය හඬ දායකත්වය ලබා දී තිබීමයි. මේ හරහා අතීතයේ ප්‍රේක්ෂකයින් වින්ද ඒ සුන්දර ළමා කාලයේ මතකයන් නැවතත් වර්තමාන නව පරපුර වෙත සමීප කිරීමට මෙම නිර්මාණකරුවන් සමත් වී තිබෙනවා.
සුපිරි වීර ජම්බො කතාමාලාවේ මුල් කොටස් කිහිපයක් මේ වන විටත් YouTube ඔස්සේ ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකියි. දේශීය සජීවිකරණ ක්ෂේත්‍රය නඟාසිටුවීම උදෙසා මෙවැනි උසස් මට්ටමේ දේශීය නිර්මාණ වෙනුවෙන් ප්‍රේක්ෂක අවධානය සහ සහයෝගය ලබා දීම අතිශය වැදගත් වනවා.
සුපිරි වීර ජම්බෝ Episode 01 - https://www.youtube.com/watch?v=C9-yFcVzT40
Discussion
No comments yet — start the conversation.