
Teardrop Nation documentary now showing in Sri Lankan cinemas
සාරා කබීර් විසින් අධ්‍යක්ෂණය කරන ලද, වසර හයක පර්යේෂණවලින් අනතුරුව නිර්මාණය වූ Teardrop Nation වාර්තාමය කතාමාලාව මාලාව මේ වන විට මෙරට සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා. කොටස් හතරකින් යුත් මෙමගින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 60 වසරක දේශපාලන ඉතිහාසය සහ සන්නද්ධ අරගලයකට තුඩු දුන් සමාජීය බෙදීම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරනු ලබනවා.
පසුගිය මාසයේ කොළඹදී පැවැත්වූ මංගල දර්ශනයෙන් අනතුරුව, ප්‍රේක්ෂකයින්ට දැන් Colombo City Centre සහ Havelock City Mall හි පිහිටි Scope Cinemas සිනමාශාලාවලට අමතරව, වත්තල Ram Cinemas සහ මහනුවර JP Cineplex හිදී ද දිනපතා මෙය නැරඹීමේ අවස්ථාව හිමිවනවා.
◉ Episodes 1 & 2): නිදහසින් පසු මුල් යුගය, ආයතනික වෙනස්කම් කිරීම් හරහා තරුණ විප්ලවවාදී ව්‍යාපාර ඇති වූ ආකාරය සහ පළමු ඊළාම් යුද්ධය දක්වා දිවෙන දේශපාලන අර්බුද පිළිබඳව මින් ගවේෂණය කෙරෙනවා.
◉ Episodes 3 & 4: ගැටුමේ උත්සන්න වීම සහ ඒ තුළ මිනිසුන් මුහුණ දුන් අත්දැකීම් විස්තර කෙරෙන අතර, යුද්ධයේ අඛණ්ඩ බලපෑම සහ සැබෑ සාමයක් උදා වී ඇත්ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ලබනවා.
මෙම දර්ශන වාර දෙක සඳහාම ප්‍රවේශපත්‍ර අදාළ සිනමාශාලා වෙබ් අඩවි සහ BookMyShow හරහා දැන් වෙන්කරවා ගත හැකියි
Discussion
No comments yet — start the conversation.