The Dark Side of Couple Vlogging

The Dark Side of Couple Vlogging

Couple Vlog වල අඳුරු පැතිකඩ

ඔයාලත් social media වල Couple Vlog බලනවද කට ඇරගෙන...


මං පහුගිය දවසක Facebook scroll කරද්දි post එකක් දැක්කා කෙනෙක් මේ Couple vlog culture එකට හොඳටම බැනලා තියෙනවා. මං ඉතින් නිකමට වගේ ඒකෙ comment section එක බැලුවා. ඒකෙ තිබ්බ comment ටික දැක්කම තමයි තේරුණේ මේක මොන වගේ මානසික වසංගතයක්ද කියලා.

"උබලට නැති හින්දා ඊරිසියයි"

"කෙල්ලෙක්වත් නැති එකා"

"ඒව තමයි නියම loyal relationship කියන්නෙ"

වගේ Comment දදා Fan base එක ටිපර් වෙලා කුනුහර්ප කිය කිය රණ්ඩු වෙන හැටි දැක්කම අපේ ට්‍රැක පනිනවා. ඒ රන්ඩු වෙන සෙට් එකේ බහුතරයක් වයස 15 - 25 අතර අය. මේ post එක කියවන ඔයත් මේ විදිහෙ Couple vlog බලනව ඇති..

ඇත්තටම මේ Vlog Video එකක් පිටිපස්සේ තියෙන ඇත්ත මොකක්ද කියල ඔයාල කවදාවත් හිතුවද?

මේවගෙ දැන් තියෙන තත්වෙ බැලුවොත්, YouTube, TikTok, Instagram Reel එකක් ඕපන් කරපු ගමන් අපිට පේන්නේ මාරම Perfect ජීවිත.

පැය 24 ම පට්ට ආතල් එකේ ඉන්නවා, expensive cafes වල කනවා, luxury trips යනවා, එක දිගට surprise gifts දෙනවා....මේව දැක්කම ඔයාලට wow කියල නිකන්ම කියවෙනවා.

හැබැයි ඕව පිටිපස්සේ තියෙන්නේ තනිකරම Scripted Drama Business එකක් විතරයි. අපිට නොපෙන්නුවට Camera එක Off කරපු ගමන් ඔය "Perfect Couple" එක අතරෙත් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ රණ්ඩු, ප්‍රශ්නම තමයි. ජීවිතේ ඇත්තටම එන ප්‍රශ්න උන්ගෙ කැමරාවෙන් 100%ක්ම Hide කරන එක.

ඕනම සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ජීවිතේ සල්ලි ප්‍රශ්න, ලෙඩ රෝග, ගෙවල් වල ප්‍රශ්න, Mental Burnout වෙන ඒවා ඕන තරම් එනවා. හැබැයි මේ Vlogger ලා කරන්නේ ඒ ඇත්ත ජීවිතේ කටුක පැත්ත සම්පූර්ණයෙන්ම සඟවලා, "Toxic Positivity" කියන බොරු මායාව විකුණන එක.


කැමරාව ඉස්සරහා හැම තත්පරේම හිනාවෙවී, Happy එකේ විතරක් ඉන්න පෙන්නද්දී, ඕක බලන අහිංසක ප්‍රේක්ෂකයා හිතනවා "අපේ ජීවිත වලට විතරද මෙහෙම ප්‍රශ්න එන්නේ" කියලා. ඇත්තටම එයාල පෙන්නන්නේ ජීවිතේ තියෙන ලස්සනම 1% විතරයි, ඉතිරි 99%ම එයාලත් විඳවනවා. හැබැයි ඒක පෙන්නුවොත් Views ලැබෙන්නේ නැති නිසා එයාල ඒක ඔයාලගෙන් හංගනවා.

තවත් තිත්ත ඇත්තක් තමයි මේ Vlogger ලා තමන්ගේ Partner ගේ privacy එකයි self-respect එකයි Views වෙනුවෙන් පාවා දෙන එක. Cooking, travelling කියලා Title දාගෙන වීඩියෝ වල එක එක්කෙනාගේ ඇඳුම් ගලවන joke කරන ඒවා, තමන්ගෙ partner Exposing වන දේවල්, Double meaning ගොන් ආතල් ගන්න එක උන්ට දැන් නෝමල් වෙලා.


Psychologically මේකට කියන්නේ Attention seeking behavior සහ Hyper-commodification of Intimacy කියලා. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික, සමීප සබඳතාවය Market එකේ විකුණන්න තියෙන භාණ්ඩයක් ගණනට වට්ටන එක. තමන්ගේ කෙල්ලගේ Body එක ලක්ෂ ගානක් ඉස්සරහා Expose කරලා එකෙන් ආතල් ගන්න එක මොන තරම් නපු%#ක මානසික තත්වයක්ද කියල පොඩ්ඩක් හිතල බලන්න.


ඊටත් වඩා භයානක දේ තමයි මේවා බලන අපේ සමහර කොල්ලොත් තමන්ගේ Girlfriend ව එහෙම social media වලට Expose කරන්න, ඒ විදියේ Videos/Photos දාලා Public Validation එක ගන්න පුරුදු වෙන එක.

ඇත්තටම තමන්ගේ Partner ට පිරිමියෙක් විදිහට Respect කරන, ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් කරන්නේ තමන්ගේ කෙල්ලව ඔය වගේ පහත් Attention-seeking වැඩ වලින් ආරක්‍ෂා කරලා තියාගන්න එක මිසක් ලෝකෙට පෙන්නලා Trade කරන එක නෙවෙයි.

ඔය "Loyal Relationship" කියලා Caption දාලා social media වල කරන විකාර වල ඇතුළේ තියෙන්නේ තනිකරම හිස් බව විතරයි කියන්න මේක හොඳටම ඇති. මීටත් වඩා අන්තයි මෙයාල කරන Staged Drama, Fake Breakups වගේ ඒවා. Social media වල reach එක බැහැගෙන එද්දි, මෙයාල කරන්නෙ බොරුවට රණ්ඩු වෙන ඒවා, Fake Breakup Videos, නැත්නම් Cheating Pranks දාන එක.

"අපි වෙන්වුණා" කියලා Clickbait Thumbnails දාලා Audience එකේ Emotional curiosity එක Market කරනවා. ඊට පස්සේ සතියකින් "අපි ආයේ එකතු වුණා" කියලා තව Video එකක් දාලා දෙපාරක්ම Views හදාගන්නවා. මේක තනිකරම Audience එකේ Sensitive හැඟීම් එක්ක කරන තුච්ඡ සූදුවක්.

Research වලට අනුව මේ Culture එක නිසා වයස 15 - 25 අතර තරුණ අයට වෙන Psychological Impact එක පට්ටම භයානකයි. Social Comparison Theory කියන එකෙන් පෙන්නල දෙන විදියට social media වල තියෙන මේ filtered content දිහා බලලා තමන්ගේ Real Life එක ඒ එක්ක Compare කරන්න ගියාම කෙලින්ම එන්නේ Depression, Anxiety සහ Low Self-esteem.


Journal of Social and Personal Relationships එකේ Research එකකට අනුව, මේ වගේ Idealized Couple Content දිගටම බලන අයගේ තමන්ගේ Relationship එක ගැන තියෙන තෘප්තිමත්භාවය ඒ කියන්නෙ Relationship Satisfaction සීඝ්‍රයෙන් පහල බහිනවා. මොකද එයාලගේ ඔළුවේ Reality එකට ගැලපෙන්නේ නැති Unrealistic Expectations හැදෙන නිසා.

ඊටත් අමතරව FOMO (Fear of Missing Out) කියන මානසික තත්වය නිසා "අපිට විතරයි මෙහෙම ප්‍රශ්න එන්නේ, අපිට විතරයි මෙහෙම ඉන්න බැරි" කියලා අහසේ පාවෙන බලාපොරොත්තු හදාගෙන තමන්ගේ Partner ට අනවශ්‍ය විදියට Pressuring කරන්න පටන් ගන්නවා.

ඔය බහුතරයක් Vlogger ලා පෙන්වන Car, Trips, Luxury Hotelling ගොඩක් වෙලාවට එයාල සල්ලි දීලා ගන්න ඒවා නෙවෙයි, Sponsor කරපු Promotion හෝ Barter Collaborations.

එයාල අඳින ඇඳුමේ ඉඳන් කන කෑම එක දක්වා තියෙන්නේ Affiliate Links සහ Sponsorships. හැබැයි ඒ බව නොදන්න අපේ උන් තමන්ගේ අසරණ කොල්ලාගෙන් නැත්නම් කෙල්ලගෙන් ඒ වගේ දේවල් ඉල්ලලා තියෙන ඇත්ත Relationship එකත් නැති කරගන්නවා.


අනිත් එක මේ Vlogger ලගේ පැත්තෙනුත් බලපන්, මුනුත් ඉන්නේ මාරම Psychological Stress එකක. Camera එක ඉස්සරහා "Happy Couple" විදිහට රඟපාන්න ගිහින් උන්ගේ True Emotions හංගන්න වෙනවා.

Likes, Comments, subscribes වලින් එන Dopamine hit එකට ඇබ්බැහි වෙලා Public Validation එක නැතුව ජීවත් වෙන්න බැරි වෙන තරමට උන්ගේ Mental Health එක කඩන් වැටෙනවා. අන්තිමට කැමරාව ඇතුළේ මාරම ආදරෙන් ඉන්න ජෝඩුව Real Life එකේ එකිනෙකාට වෛර කරන්න පටන් ගන්නවා.

තවත් භයානක පැත්තක් තමයි Parasocial Interaction කියන එක. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ මේ Vlogger ලව තමන්ගේම පවුලේ අය වගේ හිතාගෙන අන්ධ විදිහට,වහල්ලු වගේ නමදින්න පටන් ගන්නවා.


අර Comment Section එකේ "ලක්ෂ අටහමාරක් බලනවා" කියලා උන් වෙනුවෙන් මැරෙන්න හදන Fans ලා හැදිලා තියෙන්නේ ඔන්න ඕක නිසයි.

ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ Reality එක නෙවෙයි, තනිකරම Illusion එකක්. සැබෑ ආදරයක් කියන්නේ Camera එකක් ඉස්සරහා රඟපාන එකවත්, තමන්ගේ Partner ව Public එකේ Embarrass කරන එකවත් නෙවෙයි, දෙන්නත් එක්ක ජීවිතේ එන ප්‍රශ්න වලට මූණ දීලා එකට ඉන්න එක.


ඉතින් guys...අද ඉඳන්වත් social media වල තියෙන හැම රෙද්දම Absolute Truth එක කියලා හිතලා ඔළුව විකාර කරගන්න එපා.

Screen එක උඩ පෙන්න විනාඩි ගානක Fantasy video එකකට වඩා ඔයාලගෙ තියෙන Real Life එක මාරම ලස්සනයි. Vlogger ලාගේ Scripted Content වලට රැවටිලා තමන්ගේ සැබෑ සතුටයි, Relationship එකයි නැති කරගන්නවද, එහෙමත්පනැත්නම් social media කියන්නේ Entertainment විතරයි කියලා තේරුම් අරන් ඔළුවෙන් ජීවත් වෙනවද කියන එක ඔයාලම තීරනය කරන්න.

Written By: Navindu Rashmika