
YouTube expands Picture-in-Picture (PiP) feature globally for iOS and Android
YouTube සමාගම විසින් ඔවුන්ගේ Picture-in-Picture හෙවත් PiP පහසුකම ලොව පුරා සිටින පරිශීලකයින්ට නොමිලේ ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ප්රධාන වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට සහ Premium පරිශීලකයින්ට පමණක් සීමා වී තිබූ මෙම විශේෂාංගය, දැන් එම සීමාවන්ගෙන් තොරව iPhone, iPad මෙන්ම Android භාවිතා කරන්නන්ට ද ලබා දීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.
මෙම අලුත්ම යාවත්කාලීන කිරීමත් සමඟ ඇමරිකාවෙන් පිටත සිටින පරිශීලකයින්ට ද සංගීතමය නොවන දිගු වීඩියෝ (long-form, non-musical content) නැරඹීම සඳහා මෙම PiP පහසුකම භාවිතා කිරීමට අවස්ථාව හිමි වනවා. මේ හරහා යූටියුබ් වීඩියෝවක් කුඩා තිරයකින් නරඹන අතරතුරම දුරකථනයේ ඇති වෙනත් ඇප් එකක් භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයින්ට ලැබෙනු ඇති.
YouTube ආයතනය නිල වශයෙන් නිවේදනය කරන්නේ මෙම විශේෂාංගය ඉදිරි මාස කිහිපය තුළ ක්රමානුකූලව ලොව පුරා සිටින පරිශීලකයින් වෙත නිකුත් කරන බවයි.
ඔයාටත් ඇවිල්ලද තියෙන්නේ කියල චෙක් කරල comment කරන්න.
Discussion
No comments yet — start the conversation.