
Avengers Doomsday: Final Trailer Breakdown
පරණ තීරණ වල ප්‍රතිඵල සහ අවසන් සටන සමඟ සැඟවුණු රහස්
December 18 වැනිදා රිලීස් වෙන්න තියෙන Avengers: Doomsday එකට තව සති තුනක්වත් නැති වෙලාවේ Marvel ලා අන්තිම Final Trailer එක එළියට දැම්මා. කලින් ආපු trailer එකෙන් Doctor Doom ගේ බලයයි X Mansion එකේ විනාශයයි ගැන පොඩි ඉඟියක් දුන්නා නම් මේ Final Trailer එකෙන් කරලා තියෙන්නේ ඊට වඩා ගොඩක් ලොකු වැඩක්. ඒ තමයි Avengers: Endgame එකෙන් පස්සේ පහුගිය අවුරුදු ගාණ පුරාවට එක එක movies සහ series වල විසිරිලා තිබුණු කෑලි ටික ඔක්කොම ලස්සනට එකම තැනකට connect කරන එක. ඉතින් කිසිම hype එකක් නැතුව වගේම movie එක spoil කරගන්නෙත් නැතුව මේ Final Trailer එක ඇතුළේ තියෙන details ටික සහ කලින් අපිට හම්බවුණු clues එක්ක ඒවා ගැලපෙන විදිය අපි අද හෙමීට කතා කරමු.
මේ Trailer එක පටන් ගන්නේ ලොකු සද්ද බද්ද වලින්වත් fight එකකින්වත් නෙවෙයි හරිම සාමකාමී ගෙදරකින්. හැබැයි මුළු movie එකේම මුල තියෙන්නේ මෙන්න මෙතන මෙතන අපිට Steve Rogers සහ Peggy Carter දෙන්නා තමන්ගේ පුතාට ඇත්ත හංගගෙන ඉන්න එක ගැන කතා වෙනවා අපිට බලාගන්න පුලුචන් වෙනවා. මෙතන Steve ට හිතට පොඩි වදයක් වෙලා තියෙන්නේ එයාලා ඇත්තටම කවුද කියලා පුතාට නොකියා ඉන්න එක ගැන. හැබැයි මෙතනදී ගොඩක් අයට එක පාරටම මගහැරෙන්න පුළුවන් ලොකු detail එකක් තියෙනවා ඒ තමයි මේ scenes ඇතුළේ කාල දෙකක් නැත්තම් timelines දෙකක් පැහැදිලිවම පෙන්නන එක. එක පැත්තකින් කොට කොණ්ඩේ තියෙන පරණ කාලේ විදියට ඇඳගත්තු Steve සහ Peggy චූටි බබා එක්ක ඉන්නවා පේනවා. අනිත් පැත්තෙන් දිග කොණ්ඩේ සහ රැවුල වවාගෙන ඉන්න Steve එක්ක අලුත් කාලේ පෙනුමක ඉන්න Peggy ඉන්නවා වගේම ඒ වෙද්දී එයාලගේ පුතාත් ටිකක් ලොකු වෙලා. Steve තමන්ගේ පරණ Captain America suit එක පෙට්ටියක දාලා වහලා සාමාන්‍ය තාත්තා කෙනෙක් විදියට පුතාට බයිසිකල් පදින්න උගන්නන සරල ජීවිතයක් ගෙවනවා අපිට මෙතනදි බලාගන්න පුලුවන් හැබැයි කලින් අපිට දකින්න ලැබුණු විදියට Loki පවා ඒ පරණ කාලේ ගෙදර දොරට තට්ටු කරලා Steve සහ Peggy දෙන්නටම උදව් කරන්නම් කියලා ඇවිත් තියෙද්දී අවුරුදු ගාණකට පස්සේ ආයෙමත් එයාලව හොයාගෙන එන්න වෙන තැනට කතාව මේ තරම් දුර ගියේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ.
කොහොමහරි ඊලගට ඒ නිදහසේ තිබුණු ගෙදර ජනෙල් වලින් එකපාරටම සැර එළියක් ඇතුළට වැදිලා මුළු ගේම හෙලවෙනවා. Steve පරිස්සමට Peggy වත් පස්සට කරලා එළියට ගිහින් බලද්දී ඒ එළිය මැදින් ඇවිදගෙන එන්නේ වෙන කවුරුත් නෙවෙයි Fantastic Four සෙට් එක. එතන ඉන්නේ 2025 ආපු The Fantastic Four: First Steps movie එකෙන් MCU එකට අලුතෙන්ම හඳුන්වලා දුන්න Reed Richards නැත්තම් Mister Fantastic, Sue Storm නැත්තම් Invisible Woman, Johnny Storm නැත්තම් Human Torch වගේම Ben Grimm නැත්තම් The Thing කියන සෙට් එක.ඒ වගෙම මතක තියාගන්න මෙ කලින් ආපු පරණ Fox movies වල හිටපු අය නෙවෙයි මේ ඉන්නේ 1960 ගණන් වල retro futuristic vibe එකක් තියෙන වෙනම universe එකක ඉඳන් Thunderbolts අන්තිමට අර 4 අකුර ගහපු ship එකෙන් main MCU timeline එකට ආපු අලුත්ම සෙට් එක තමයි මේ ඉන්නේ. ඒ වගේම එයාලා එයාලගේ රොබෝ වෙන HERBIE සහ Reed ගෙයි Sue ගෙයි පුතා වෙන Franklin Richards පවා මේ කතාවට සම්බන්ධ වෙනවා කියලා එතනින් බලාගන්න පුලුවන් ඉතින් ඔන්න ඔය සෙට් එකෙන් Reed Richards ඉස්සරහට ඇවිත් කෙලින්ම අහන්නේ Are you Steve Rogers ද කියලා. මෙතනින් පස්සේ Marvel අපිට පෙන්නන shots ටික තමයි කතාවේ ඇත්තම හරය එළියට දාන්නේ. එකපාරටම Avengers Endgame එකේ වතුරේ පා කරපු Proof That Tony Stark Has A Heart කියලා ගහපු Tony Stark ගේ Arc Reactor එක පෙන්නනවා ඒ එක්කම Steve අර Infinity Stones ටික ආපහු දෙන්න Quantum platform එකට නැග්ග දවස ගැන මතක් කරනවා එතනදි Steve කියන්නේ අවුරුදු ගාණකට කලින් ලෝකේ හරිගස්සන්න ඕනේ දේ එයාලා කළා හැබැයි ඒ ගත්තු තීරණ වලට මේ වගේ ප්‍රතිඵල එයි කියලා කවුරුත් හිතුවේ නෑ කියලා. ඒ කියන්නේ Steve ආපහු අතීතෙට ගිහින් Peggy එක්ක ජීවත් වෙන්න ගත්තු තීරණයම තමයි මේ මුළු Avengers Doomsday අවුලටම මුල වෙලා තියෙන්නේ කියලා මාවල් ලා අපිට tease එකක් දෙනවා. ඒ අතරෙම Tony Stark මේ trailer එකේ නැති වුණත් එයාගේ memorial එක මෙතනටම ගෙනල්ලා තියෙන එක සහා Robert Downey Jr ම Doctor Doom විදියට එන එකත් එක්ක නිකන්ම වුණ දෙයක් වෙන්න බැහැ කියලත් අපිට නොදැනෙන්න අගවලා තියෙනවා.මේ අතරෙම ඊලගට ගෙදර ඇතුළේ Fantastic Four කට්ටිය දැකපු Steve ගේ පුතා පුදුමෙන් අහනවා Dad were you a superhero කියලා එතන Steve හෙමීට There were six of us we were called the Avengers කියලා දෙන උත්තරේ ඇත්තටම කතාව ආයෙත් අපිව මුල්ම Avengers දවස් වලට අරගෙන යනවා.
ඊළඟට trailer එකේ මුළු vibe එකම අඳුරු වෙනවා Doctor Doom ගේ එන්ට්‍රි එකත් එක්ක. කොළ සහ රන්වන් පාට වීදුරු තියෙන ලොකු හෝල් එකක් මැදින් Doom ඇවිදගෙන එද්දී එයාගේ දෙපැත්තෙන් මූණු වහගත්තු අමුතු සෙට් එකක් ඉන්නවා අපිට බලාගන්න පුලුවන් වෙනවා මේ තමයි Doom ගේ Latverian Witches ලා. මෙතනදී තමයි කලින් අපිට හම්බවුණු ලොකුම dot එකක් හරියටම සෙට් වෙන්නේ ඔයලාට මතක නම් VisionQuest එකේ අන්තිමට Mount Wundagore වලට කඩාගෙන වැටුණු ගල් ගොඩ යටින් Doom ඇවිත් Scarlet Witch ව ආපහු නැගිට්ටවලා එයාගේ බලය තමන්ට ගන්න හදපු විදිය ඉතින් ඒ අයට පැහැදිලිවම තේරෙනවා Doom ළඟ ඉන්න මේ කට්ටිය ඇතුළේ ආපහු පණ ආපු Scarlet Witch පවා ඉන්නවා කියලා. මේ trailer එකේදී Doom ව වැඩිය පෙන්නුවේ නැති වුණත් එයා කියන එක ලයින් එකකින් එයාගේ මුළු ප්ලෑන් එකේම අරමුණ එළියට එනවා ඒ තමයි All of you have lived stolen lives but now you must give them back කියන කතාව. Steve තමන්ගේ පවුල එක්ක ගෙවපු ජීවිතේ වගේම Thor තමන්ගේ දුව Love එක්ක ගෙවපු ජීවිතේ හැමදේම Doom දකින්නේ කාලය සහ Multiverse එක අවුල් කරලා හොරකම් කරගත්තු ජීවිත විදියට. අනිත් පැත්තෙන් අපි කලින් දැක්කා Doom කෙලින්ම Fantastic Four ලගේ ගෙදරටම ගිහින් පොඩි Franklin Richards ව මුණගැහුණු හැටි වගේම පොළොව යට බංකරේක හැංගිලා වැඩ කර කර හිටපු Bruce Banner වත් අල්ලගන්න කවුරුහරි කඩා වැදුණු හැටි ඉතින් ඒ කියන්නේ Doom මේ වලියට බැහැලා ඉන්නේ හරිම ලොකු ප්ලෑන් එකක් ඇතුව කියන එක පැහැදිලියි මට මෙතන Doom කිව්ව කතාව එක්ක එකග වෙන්න වෙනවා.
මේ අතරේ New York නගරයට උඩින් රෑ අහසේ වෙනත් ලෝක දෙකක්ම අපේ ලෝකේ හැප්පෙන්න වගේ ළං වෙලා තියෙන scene එකක් පේනවා. මේ තමයි කාලයක් තිස්සේ කතා වුණු Incursions. කලින් Doctor Strange එක්ක Clea ගියෙත් මේ වගේ Incursion එකක් නවත්තන්න ඒ වගේම Captain America: Brave New World එකේදී Samuel Sterns ඇවිත් Sam Wilson ට warn කළෙත් තමන්ගේ ලෝකේ අනිත් ලෝක වලින් බේරගන්න වෙන දවසක් ළඟදිම එනවා කියලා. ඒ විතරක් නෙවෙයි TVA එක ඇතුළේ Mobius සහ O B බලාගෙන ඉද්දීම universes දහස් ගාණක් එකපාරටම එකිනෙක හැප්පිලා විනාශ වෙන විදියත් අපි කලින් දැක්කා. ඒ හැම අනතුරු ඇඟවීමක්ම දැන් ඇත්තටම New York අහසේ වෙන්න පටන් අරගෙන කියලා ඔයාලට මෙතනදි පේනවා. මේ විනාසේ මැද්දේ Thor සහ Doctor Doom කෙලින්ම හැප්පෙන scene එකකදී Doom ගේ පහරකින් Thor විසිවෙලා යනවා අපිට පේනවා. හැබැයි trailer එකේම තව තැනකදී කැලෑවක් මැද Thor වෙනදා තියෙන නිල් පාට විදුලිය වෙනුවට තද කහ පාට විදුලි බලයක් පාවිච්චි කරනවා අපිට දකින්න හම්බෙනවා. Comics ගැන දන්න අයට මේක හරිම පැහැදිලි ඉඟියක් මොකද ඒ තමයි Odin ගෙන් ලැබෙන සැරම Odinforce බලය. Doom එක්ක හැප්පෙන්න නම් Thor ට තමන්ගේ සාමාන්‍ය ශක්තිය මදි කියන එක Marvel මේකෙන් හොඳටම පෙන්නලා දෙනවා වගේම ඒ තරම් බර වලියක් යන්න නියමිතයි කියලා අපිට නොකියා එයලා කියලා තියෙනවා.
කතාවේ ඊළඟ වැදගත්ම තැන තමයි New York වල Avengers Tower එක. Fantastic Four ලගේ ship එක අහසේ ඉඳන් කෙලින්ම ඇවිත් Avengers Tower එකේ A අකුර ඇතුළෙන්ම ගොඩබානවා.ඔයාලට මතක නම් Thunderbolts එකේ අන්තිමට Yelena Belova සහ Bucky Barnes ඇතුළු John Walker Ghost සහ Red Guardian සෙට් එක අලුත් Avengers නමට copyright ප්‍රශ්න දාගෙන රණ්ඩු වෙවී ඉද්දී තමයි වෙනත් dimension එකකින් එන 4 අකුර ගහපු මේ ship එක එයාලගේ radar එකට අහු වුණේ. දැන් ඒ ship එක Tower එකට ඇවිත් තියෙනවා විතරක් නෙවෙයි ඒකෙන් Steve Rogers වත් එක්කගෙනම ඇවිත් තියෙනවා කියලා බලාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මේ කොටසේදී ඇහැ පිය ගහන සනිකෙන් මගහැරෙන්න පුළුවන් චරිත කිහිපයක්ම ඉන්නවා.ඒ Avengers Tower එකේ පඩිපෙළේ පිටිපස්සට වෙලා සද්ද නැතුව ඉඳගෙන ඉන්න Bob නැත්තම් Sentry ව මෙතනදී දකින්න පුළුවන්. තමන්ගේ අඳුරු පැත්ත නිසා බලය පාවිච්චි කරන්න බයෙන් හිටපු Bob මේ වගේ ලොකු අවුලක් වෙද්දී Tower එක ඇතුළේ ඉන්න එකම ලොකු කුතුහලයක්. ඒ එක්කම කලින් beacon එකක් විදියට අහසට සිග්නල් එකක් යවපු Shang Chi ගේ Ten Rings අහසේ දිලිසෙනවා වගේම Shang Chi වලියට ලෑස්ති වෙනවා පේනවා. ඊට අමතරව තප්පර ගාණක පොඩි කොට shots දෙකකින් Kate Bishop සහ Ant Man ගේ දුව Cassie Lang වත් අපිට මුල් වතාවට මේ movie එකේදී දකින්න ලැබෙනවා. Cassie ගේ මූණේ තියෙන සීරියස් ගතියෙන් පේන්නේ මේ වලිය අලුත් පරම්පරාවේ heroes ලාටත් ලේසි වෙන්නේ නැති බවයි.
මේ හැම කණ්ඩායමක්ම Avengers Tower එකට එකතු වුණාට පස්සේ Thor දෙන කතාව ඇත්තටම මේ trailer එකේ හොඳම realistic moment එකක්. එයා කෙලින්ම කියනවා I don't know what half of you do I don't even know who half of you are කියලා. පහුගිය අවුරුදු කීපයේ MCU එකේ චරිත ගොඩක් වැඩි වෙලා එකිනෙකා අඳුරන්නෙවත් නැති තැනට ආපු එක Marvel ලා තමන්වම පොඩ්ඩක් විහිළුවට අරගෙන දැන්වත් මේ පොඩි පොඩි තරහ මරහ පැත්තකින් තියලා එකට එකතු කරන්න ඔනි කියන පණිවිඩේ Thor ගේ කටින් දෙනවා. හැබැයි ඒ එකතු වෙන එක හිතන තරම් ලේසි නෑ කියලා පෙන්නන්න වගේ ඒ අතරෙම X Mansion එක ඇතුළේ Sam Wilson ගේ Captain America සහ Cyclops ගහහන්න fight scene එකකුත් පෙන්නනවා. The Marvels එකේදී Monica Rambeau අහම්බෙන් X Men ලෝකෙට ගිහින් Beast ව මුණගැහුණු දවසේ ඉඳන්ම මේ ලෝක දෙක අතර වලියක් එන බවට ඉඟි තිබුණා. හැබැයි ඒ හැම අවුලක්ම මැද්දේ Steve Rogers අර ship එකෙන් බැහැලා එද්දී Bucky ඇවිත් Steve ව තදින් බදාගන්න එකත් Sam Wilson සහ Scott Lang ඒ දිහා සතුටින් බලාගෙන ඉන්න එකත් හරිම හිතට වදින reunion එකක්. අනිත් පැත්තෙන් Shuri ඇතුළු Wakanda හමුදාවත් ලොකු වතුර තාප්පයක් ඉස්සරහ සටනට ලෑස්ති වෙලා ඉන්නවා අපිට බලාගන්න පුලුවන් ඒ Wakanda හමුදාවේ scene එකත් නිකන්ම පොඩි action කෑල්ලක් නෙවෙයි ඒකේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා මෙතනදී අපි දකින්නේ මුහුද මැද හරියටම වතුර දෙපැත්තට කරලා හිස් කරපු තැනක ලොකු වතුර තාප්පයක් ඉස්සරහ Shuri නැත්තම් Black Panther ඇතුළු Wakanda හමුදාව සටනට ලෑස්ති වෙලා ඉන්න විදියයි එතනට යානා දෙකක් ඇවිත් මුණගැහෙන හැටි පේනවා වගේම මේ වෙලාවේ Wakanda කට්ටියව හම්බවෙන්න ඇවිත් ඉන්නේ Fantastic Four සෙට් එක කියන එකත් හොඳටම පැහැදිලියි. හැබැයි මේ scene එක තවත් ගැඹුරට තේරෙන්නේ trailer එකේම තව තැනක Sue Storm නැත්තම් Invisible Woman තමන්ගේ force field බලය පාවිච්චි කරලා දැවැන්ත වතුර කන්දක් නවත්තගෙන ඉන්න shot එක දැක්කමයි කලින් ආපු trailer එකේදී Wakanda කට්ටියයි Namor ගේ Talokan හමුදාවයි එක්ක Sue Storm සහ Ben Grimm ඇතුළු සෙට් එක ඉන්න තැන එළියෙන් මුහුදු වතුර බැරියර් එකකින් රඳවලා තිබුණු හැටි මතක නම් මේ dots දෙකම ලස්සනට සෙට් වෙනවා. එක්කෝ මේ සාකච්ඡාවට කලින් Namor එක්ක පොඩි ගැටුමක් ගිහින් එයා ගහපු මුහුදු ප්‍රහාරයක් Sue නවත්තගෙන ඉන්නවා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් Incursion එක නිසා මුහුදට ආපු ලොකු අවුලකින් Wakanda සහ Talokan දෙගොල්ලොම එකතු කරගන්න ගිය වෙලාවේ සිද්ධ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් තමන්ගේ රටවල් සහ මිනිස්සුන්ව බේරගන්න ලොකු වගකීමක් තියෙන Shuri ඇතුළු Wakanda හමුදාවත් Namor ගේ Talokan කට්ටියත් මේ ලොකු වලියේදී අනිත් heroes ලා එක්ක එක පැත්තට ගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියන එක මේ scene එකෙන් හොඳටම පේනවා. අන්තිමට කොහොමහරි Steve හැමෝටම කියන්නේ If you can't find a way to trust them then I hope you trust me කියලයි.
Trailer එකේ අන්තිම භාගය තමයි MCU fans ලා අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටපු හීනේ හැබෑ වෙන තැන. තඩි Sentinels රොබෝවරු වට කරගෙන ඉන්න Doctor Doom ඇවිත් Let's get started කියද්දී දූවිලි සහ දුම පිරුණු සටන් බිමක Beast ළඟ ඉන්න Cyclops තමන්ගේ කණ්ණාඩියට අත තියලා කෑගහනවා To me my X Men කියලා. Marvel Cinematic Universe එක ඇතුළේ X Men කෙනෙක්ගේ කටින් මේ ෆේමස් ලයින් එක ඇහෙන පළවෙනි වතාව මේක. ඊට පස්සේ කැමරාව ගමන් කරන ඒ දිග shot එක ඇතුළේ අපි දකින්නේ Endgame එකේ Avengers Assemble වලට පස්සේ එන ලොකුම එකතු වීම. Gambit සහ Nightcrawler එක්ක Mystique Beast සහ Cyclops ඇතුළු X Men සෙට් එකත් එක්කම Sam Wilson Yelena Belova Shang Chi Reed Richards Thor සහ මැදින් ඉස්සරහට එන Steve Rogers එකම පෙළකට හිටගන්නවා. කලින් එකිනෙකාට විරුද්ධව වලි දාගත්තු සෙට් ඔක්කොම Doom ගේ Sentinels හමුදාවට මුහුණ දෙන්න එකම පැත්තකට සෙට් වෙන හැටි පෙන්නලා තමයි trailer එකේ හොඳම පීක් එකට ගේන්නේ.
හැබැයි මේ මුළු trailer එකම සීරියස් විදියට ඉවර කරන්නේ නැතුව අන්තිමට පරණ Avengers vibe එක මතක් කරලා දෙන පොඩි scene එකක් එකතු කරලා තියෙනවා. Avengers Tower එකේ landing pad එකේ Thor සහ Steve දෙන්නා ඇවිදගෙන යද්දී Steve කියනවා Thor කලින් කරපු speech එක හොඳයි කියලා. Thor ඒකට ස්තූති කරලා ආපහු Steve ට පොඩි කින්ඩියක් දානවා Steve ගේ speech එක නම් Captain America standard එකේ හැටියට ටිකක් සාමාන්‍යයි නේද කියලා. ඒ වෙලාවේ Steve තමන්ගේ අතේ තියෙන Mjolnir මිටිය පොඩ්ඩක් උස්සලා අහනවා This doesn't bother you does it කියලා. Thor කිසිම හිනාවක් නැතුව You know it does කියලා උත්තර දෙනවත් එක්කම Bifrost එළියෙන් දෙන්නම එකපාරටම අතුරුදහන් වෙනවා. මේ පොඩි කතාබහෙන් පේන්නේ කතාව කොච්චර අඳුරු සහ බරපතල වුණත් මේ පරණ චරිත අතර තියෙන පරණ ෆිට් එක තාමත් ඒ විදියටම තියෙනවා කියන එකයි.
අන්තිමටම මගේ අදහස තමයි මේ Final Trailer එකෙන් Marvel කරලා තියෙන්නේ ඔක්කොම පහුගිය අපු movies post credits scenes set එකම හරියට එකතු කරන් ෆෑන්ස්ලට මේ දැං තියෙන සිද්දිය සොර්ට්කරගන්න සහ ඒ අයට ලොකු විශ්වාසයක් දෙන එක. කලින් වෙන වෙනම ගිය X Men Fantastic Four Thunderbolts TVA සහ පරණ Avengers කතා ටික ඔක්කොම ගාණට එකම තැනකට සෙට් වෙන හැටි දැන් හොඳටම පැහැදිලියි. Steve Rogers ගේ අතීත තීරණය වගේම Doctor Doom ගේ ප්ලෑන් එක සහ මුළු Multiverse එකේම ඉරණම විසඳෙන හැටි බලාගන්න තව තියෙන්නේ දවස් කිහිපයක් විතරයි. December 18 වැනිදා theater එකේදී මේ හැම ප්‍රශ්නෙකටම ඇත්තම උත්තර හම්බවෙනකන් අපි තවත් මේ වගේම විස්තර ඇති breakdown එකකින් ආයෙත් හමුවෙමු.
Admin: Adithya Bandara
Discussion
No comments yet — start the conversation.