
Burger Motorsports shuts down operations on GTA 6 release day
ලොව පුරා අතිශය ජනප්‍රිය GTA 6 වීඩියෝ ක්‍රීඩාව නිකුත් කරන දිනයේදී සිය ආයතනයේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඇමරිකාවේ කැලිෆෝනියා හි පිහිටි Burger Motorsports ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙම ක්‍රීඩාව නිකුත් කෙරෙන නොවැම්බර් 19 වෙනිදා සිය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් රාජකාරියට වාර්තා නොකරන බවට පෙර තියාම දැනුම් දීම හේතුවෙන් ඔවුන් මෙම තීරණයට එළඹ තිබීම විශේෂත්වයක්. එදිනට සේවකයින්ට රාජකාරී සඳහා බල කිරීම වෙනුවට මුළු ආයතනයටම නිවාඩු ලබාදීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
ඔවුන්ගේ නිළ නිවේදනයේ සේවකයින් රැසක් එදිනට තමන් Vice City වෙත යන බව දන්වා සිටීම නිසා ආයතනයේ Customer Support, Order Processing, Shipping, Engineering සහ Social Media ඇතුළු ප්‍රධාන අංශ රැසක වැඩකටයුතු එදිනට ප්‍රමාද විය හැකි බව එහි දක්වා තිබෙනවා.
සේවකයින් සිය මූලික ගවේෂණ කටයුතු නිම කර, අවම වශයෙන් එක මෙහෙයුමක් (mission) වත් අවසන් කර නැවත සාමාන්‍ය ජීවිතයට පැමිණි පසු ආයතනයේ සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි.
Discussion
No comments yet — start the conversation.