Christopher Nolan says that he doesn't have a smartphone partly because he would get horribly addicted if he had one.

Christopher Nolan says that he doesn't have a smartphone partly because he would get horribly addicted if he had one.

විශිෂ්ට චිත්‍රපට රැසක් නිර්මාණය කළ සම්මානනීය ප්‍රවීණ අධ්‍යක්ෂක Christopher Nolan කිසිදාක Smart ජංගම දුරකථන හෝ Email ගිණුමක් පාවිච්චි නොකරන බව සියළු දෙනා දන්නා කරුනක් ඒ අනුව Smart ජංගම දුරකථනයක් භාවිත නොකරන බවට මෑතකදී The Odyssey චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින්ම තහවුරු කර තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ තමා සතුව එවැනි දුරකථනයක් තිබුණහොත් අනිවාර්යයෙන්ම තමා ඊට දැඩි ලෙස ඇබ්බැහි වනු ඇති බවයි.

කෙසේ වෙතත් ස්මාර්ට් දුරකථනයක් නොමැති වීම හේතුවෙන් යම් යම් ප්‍රායෝගික අපහසුතාවලට මුහුණ දීමට තමාට සිදුව ඇති බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම COVID වසංගත සමයෙන් පසුව ලොව පුරා සෑම තැනකම පාහේ දෛනික කටයුතු සඳහා විශාල වශයෙන් QR කේත භාවිතයට පැමිණීම තමාට ප්‍රායෝගිකව විශාල අභියෝගයක් වී තිබූ බවද ඔහු විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.