
Earth officially has a second moon!
පෘථිවියට සඳවල් දෙකක් නිල වශයෙන් හිමිවී ඇති බව විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා. ඉන් එකක් අප කවුරුත් දන්නා සඳ වන අතර, අනෙක මේ වසරේ මුලදී පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවූ සාමාන්‍ය මිනිසෙකුගේ ප්‍රමාණයට සමාන කුඩා ග්රහකයක්.
2026 QQ8 ලෙස නිල වශයෙන් නම් කර ඇති මෙය කුඩා චන්ද්‍රයෙකු ලෙස ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ සුළු ග්‍රහලෝක මධ්‍යස්ථානය විසින් ඔක්තෝබර් 29 වනදා තහවුරු කළා. හංගේරියානු තාරකා විද්‍යාඥ Krisztián Sárneczky විසින් අගෝස්තු 20 වනදා මෙය පළමුවරට නිරීක්ෂණය කර තිබෙනවා. පසුව ඇරිසෝනා හි පිහිටි Lowell Discovery දුරේක්ෂය සහ හවායි විශ්වවිද්‍යාලයේ දුරේක්ෂ මඟින් කළ නිරීක්ෂණවලින් මෙය අභ්‍යවකාශ සුන්බුන් කොටසක් නොව ස්වාභාවික පාෂාණයක් බවට තහවුරු වුණා.
විද්‍යාඥයින් විශ්වාස කරන්නේ 2026 අප්‍රේල් මාසයේදී පමණ මෙය පෘථිවියේ ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වී ඇති බවයි. එදා සිට පෘථිවිය වටා භ්‍රමණය වන මෙය 2026 දෙසැම්බර් හෝ 2027 ජනවාරි මාසය වන විට ඉන් මිදී නැවතත් සූර්යයා වටා කක්ෂගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
හරස්කඩ මීටර 1-2 ක් පමණ වන මෙම කුඩා චන්ද්‍රයා පියවි ඇසට හෝ සාමාන්‍ය දුරේක්ෂවලට දර්ශනය නොවන තරම් කුඩායි. මෙහි ආසන්නතම ගමන් කිරීම පෘථිවියේ සිට සැතපුම් 334,000 ක දුරකින් එනම් සඳට ඇති දුර මෙන් 1.5 ගුණයක් පමණ ඈතින් සිදුවූ බැවින් පෘථිවියේ ගැටීමේ කිසිදු අවදානමක් නොමැති අතර, වායුගෝලයට ඇතුළු වුවද එය සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී යනු ඇති.
මෙවැනි තාවකාලික ග්‍රහණය කරගැනීම් දුර්ලභ වුවත් 2006 RH120 සහ 2024 PT5 වැනි ග්රහක මීට පෙරද මෙලෙස පෘථිවියට එක්වී තිබෙනවා. දියුණු කළ අභ්‍යවකාශ නිරීක්ෂණ තාක්ෂණයන් හේතුවෙන් මෙවැනි කුඩා ග්රහක හඳුනාගැනීම දැන් වඩාත් පහසු වී ඇති බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.
Discussion
No comments yet — start the conversation.