Hand drawn Spider-Man poster by cinema worker goes viral in Canada

Hand drawn Spider-Man poster by cinema worker goes viral in Canada

සිනමාශාලාවට Spider-Man නිළ පෝස්ටරයක් නොළැඹීම හේතුවෙන් එහි සේවකයෙකු විසින් චිත්‍රයක් ඇඳ ප්‍රදර්ශනයට තබයිකැනඩාවේ British Columbia හි පිහිටි Prince George නගරයේ Famous Players 6 සිනමාහල වෙත Spider-Man: Brand New Day චිත්‍රපටයේ නිල ප්‍රචාරක පෝස්ටර් ප්‍රවාහනයේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට ලැබී නොමැති අතර, ඒ වෙනුවට සිනමාහලේ සේවය කරන 19 හැවිරිදි Drake Landon නැමති තරුණයා විසින් අතින් අඳින ලද පෝස්ටරයක් මේ වන විට අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. පෝස්ටර් නොමැති ගැටලුව හේතුවෙන් කළමනාකරු විසින් කළ දැනුම් දීමකට අනුව ඔහු මෙම විකට පෝස්ටරය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.ඒ සඳහා ඔහු විසින් 2012 වසරේදී පමණ අන්තර්ජාලයට එක්වූ MS Paint හරහා නිර්මාණය කළ Spooderman නම් හාස්‍යජනක මීම් ආකෘතිය යොදාගෙන තිබෙනවා. නියම පෝස්ටර් නොලැබීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් සහ සිදුවූ අපහසුතාවයට සමාව අයදිමින් හිතාමතාම අක්ෂර වින්‍යාසය ද වැරදි ලෙස යොදා ඔහු විසින් එහි සටහනක් ද තබා ඇති අතර, සිනමාහලට පැමිණි ප්‍රේක්ෂකයෙකු විසින් ලබාගත් අදාළ ඡායාරූපය Marvel Studios හි Reddit පිටුව ඇතුළු සමාජ මාධ්‍ය පුරා සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණා. ඒ අනුව Reddit පිටුව තුළ පමණක් ඊට මනාප 54,000 කට වඩා හිමිව ඇති අතර, මෙම සුවිශේෂී පෝස්ටරය දැකගැනීම සඳහාම ඇතැම් ප්‍රේක්ෂකයින් සිනමාහල වෙත පැමිණෙන බව ද සඳහන් වනවා.තමාට සැබෑ ලෙසම Spider-Man රූපයක් ඇඳිය හැකි වුවත් කළමනාකරුගේ ඉල්ලීම මත මෙම හාස්‍යජනක රූපය ඇඳි බවත්, තමාට ලැබෙන ඇගයීම් පිළිබඳව සතුටු වුවද මෙහි ගෞරවය Spooderman මුල් නිර්මාණකරුවාට හිමිවිය යුතු බවත් Drake Landon විසින් ප්‍රකාශ කර තිබෙනවා. තම පුතුගේනිර්මාණශීලීත්වයට ලැබුණු මෙම ඇගයීම පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ පියා වන Craig Landon විසින් පවසා ඇති අතර, අදාළ ඡායාරූපයට හිමිව ඇති ජනප්‍රියත්වය හේතුවෙන් එහි මුද්‍රිත පිටපත් සකස් කිරීමට ද අදාළ තරුණයා බලාපොරොත්තු වනවා. නිල පෝස්ටරය ලැබුණු පසුව ද මෙම අතින් ඇඳි පෝස්ටරය සිනමාහලේ සුරක්ෂිතව තැබීමට Cineplex ජාලය තීරණය කර තිබෙනවා