James Cameron & Disney have been sued by Q’orianka Kilcher for unauthorized use of her likeness as the foundation in Neytiri in Avatar.

James Cameron & Disney have been sued by Q’orianka Kilcher for unauthorized use of her likeness as the foundation in Neytiri in Avatar.

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Avatar චිත්‍රපට මාලාවේ එන නෙයිටීරී (Neytiri) චරිතය නිර්මාණය කිරීමේදී සිය රුව අවසරයකින් තොරව යොදාගත් බව පවසමින් ඇමරිකානු-ජර්මන් ජාතික නිළියක් වන Q’orianka Kilcher විසින් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් සහ ඩිස්නි සමාගමට එරෙහිව නඩු පවරා 2005 වසරේදී තිරගත වූ The New World චිත්‍රපටයේ ඇය පණ පෙවූ චරිතයේ ඡායාරූප ඇසුරින් සිය මුහුණේ ස්වභාවය සහ ලක්ෂණ උපුටාගෙන, ඒවා නෙයිතිරි චරිතය නිර්මාණය කිරීමේ මූලික පදනම ලෙස භාවිතා කර ඇති බවට ඇය සිය පෙත්සම මගින් චෝදනා කර සිටියි.

මෙම සිදුවීම සිදුවන අවධියේ ඇය 14 හැවිරිදි වියේ පසුවූ බවත්, එවකට ප්‍රකාශයට පත් කර තිබූ ඡායාරූපයක් ඇසුරින් සිය අවසරයකින් තොරව මුහුණේ ලක්ෂණ ලබාගෙන ඒවා නෙයිතිරි චරිතය සඳහා යොදාගන්නා ලෙස ජේම්ස් කැමරන් විසින් සිය නිර්මාණ කණ්ඩායමට උපදෙස් දී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි. සිය අනන්‍යතාවය අවසරයකින් තොරව වාණිජමය කටයුත්තක් සඳහා පාදක කර ගැනීම හේතුවෙන් ඇය මෙම නෛතික ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම නඩුවේ වඩාත්ම කැපී පෙනෙන කරුණක් වන්නේ නෙයිතිරි චරිතය සඳහා කිල්චර්ගේ මුහුණේ ජ්‍යාමිතික ලක්ෂණ (Facial Geometry) සෘජුවම පිටපත් කර ඇති බවට එල්ල වන චෝදනාවයි. ඇයගේ නීතිඥයින් තර්ක කරන්නේ මෙය හුදෙක් ආභාසයක් ලබා ගැනීමක් නොව, ඇයගේ නාසය, ඇස් සහ නළලෙහි පිහිටීම වැනි සුවිශේෂී ලක්ෂණ ඩිජිටල් ක්‍රමයට උපුටා ගෙන (Digital Grafting) සිදු කළ සොරකමක් බවයි. විශේෂයෙන්ම 2005 වසරේ තිරගත වූ 'The New World' චිත්‍රපටයේ ඇයගේ රංගනය දුටු කැමරන්, එම අවධියේදීම ඇයගේ ඡායාරූප ඇසුරින් මෙම ඩිජිටල් අච්චුව (Template) නිර්මාණය කළ බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

කිල්චර් විසින් මෙහිදී වන්දි වශයෙන් ඉල්ලා සිටින්නේ සුළු මුදලක් නොවේ. Avatar චිත්‍රපට මාලාව මේ වන විට ඇ.ඩො බිලියන 5.2කට වඩා අධික ආදායමක් උපයා ඇති බැවින්, ඇයගේ රුව එම සාර්ථකත්වයේ ප්‍රධාන අංගයක් වූ බව පවසමින් එම ලාභයෙන් සාධාරණ කොටසක් ඇය ඉල්ලා සිටියි. නෙයිතිරි චරිතය ලොව පුරා ප්‍රචාරණ කටයුතු (Marketing) සඳහා යොදාගත් ප්‍රධානතම රූපය වූ බැවින්, සිය රුව අවසරයකින් තොරව වාණිජමය වශයෙන් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි දඬුවම් පමුණුවන ලෙස ද ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.