Parents in Maharashtra sell infant to buy phones and gold; seven arrested

Parents in Maharashtra sell infant to buy phones and gold; seven arrested

ඉන්දියාවේ යුවළක් විසින් ජංගම දුරකථන සහ රන් ආභරණ මිලදී ගැනීම සඳහා සිය මාසයක පමණ වයසැති බිළිඳා ඉන්දීය රුපියල් ලක්ෂ 1.2 කට විකුණයි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජීවත් වන යුවළක් විසින් ජංගම දුරකථන සහ රන් ආභරණ මිලදී ගැනීම සඳහා සිය මාසයක පමණ වයසැති බිළිඳා ඉන්දීය රුපියල් ලක්ෂ 1.2 කට විකිණීමේ අමානුෂික පුවතක් මේ වන විට වාර්තා වනවා. කම්කරුවන් ලෙස සේවය කරන මෙම යුවළ දරුවා විකිණීමෙන් ලබාගත් මුදලින් වහාම ජංගම දුරකථන දෙකක් සහ රන් ආභරණ මිලදී ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

මුලින්ම මෙම දරුවා මිලදී ගත් පුද්ගලයින් විසින් ඔහුව තවත් පාර්ශ්ව කිහිපයකටම ඉහළ මුදලකට අලෙවි කර ඇති අතර, අවසානයේ තෙලන්ගානා ප්‍රාන්තයේ ව්‍යාජ වෛද්‍යවරයෙකු වෙත ඉන්දීය රුපියල් ලක්ෂ 3.5 ක මුදලකට මෙම දරුවාව අලෙවි කර තිබෙනවා. ප්‍රාන්ත හරහා සිදුවූ මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ ක්‍රියාත්මක වූ පොලීසිය, කිලෝමීටර් 550 කට වඩා දුරින් පිහිටි හයිද්‍රාබාද් නුවරට ගොස් දරුවා නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වී තිබෙනවා.

මේ වන විට දරුවාගේ මව්පියන් ද ඇතුළුව මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බේරාගත් දරුවා ළමා නිවාසයක් වෙත භාර දී ඇති බව සඳහන්.