
Police mistakenly issue fines for green number plates on electric vehicles
ශ්‍රී ලංකා අඩු මොළ පොලිස් නිළධාරීන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් වාහන (EV) සඳහා හඳුන්වා දුන් නව කොළ පැහැති අංක තහඩු සඳහා දඩ පත්‍රිකා නිකුත් කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් වාහන (EV) සඳහා මෑතකදී හඳුන්වා දුන් නව කොළ පැහැති අංක තහඩු සම්බන්ධයෙන් නිසි දැනුවත්භාවයක් නොමැති වීම හේතුවෙන්, රථවාහන පොලීසිය විසින් එම වාහන සඳහා දඩ පත්‍රිකා නිකුත් කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා.
සාමාන්‍යයෙන් මෙරට භාවිත වන අංක තහඩුවලට වඩා වෙනස් පැහැයකින් යුක්ත වීම හේතුවෙන් මෙය නීතිවිරෝධී ලෙස සකස් කළ අංක තහඩුවක් ලෙස වරදවා වටහා ගනිමින් පොලිස් නිලධාරීන් විසින් මෙලෙස දඩ නියම කර ඇති බවයි පැවසෙන්නේ. විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීම පසුගියදා ආරම්භ කරනු ලැබුවා.
නව හඳුන්වාදීමක් වන බැවින් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් රථවාහන පොලිස් නිලධාරීන් මෙන්ම මහජනතාව ද කඩිනමින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මේ වන විට දැඩිව මතුව තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.