Police officer mistakenly kills woman she was sent to help

Police officer mistakenly kills woman she was sent to help

දකුණු කොරියාවේ Incheon ප්‍රදේශයේ පොලිස් නිලධාරිනියක් විසින් සිදුකළ බරපතළ අත්වැරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මහමඟ ඇදවැටී සිටි වයස අවුරුදු 60ක පමණ කාන්තාවකට උපකාර කිරීම සඳහා එම ස්ථානයට යැවූ පොලිස් රථය විසින්ම අදාළ කාන්තාව යටකරගෙන යාමෙන් මෙම මරණය සිදුවී ඇති බව වාර්තා වනවා.

අලුයම 12:45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, ඇය “පාරේ පුද්ගලයෙක් වැටී සිටිනවා” යන ඇමතුමට ප්‍රතිචාර දක්වා එම ස්ථානයට ගොස් ඇති අතර, ප්‍රදේශයේ පැවති දැඩි අඳුර සහ මාර්ගයේ තිබූ වංගුවක් හේතුවෙන් බිම වැටී සිටි කාන්තාව තමන්ට නොපෙනුණු බව වයස අවුරුදු 20ක් පමණ වන අදාළ පොලිස් නිලධාරිනිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට ඇයව අත්තඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන විශ්ලේෂණය කර ඇයට නඩු පවරන්නේද යන්න පිළිබඳව තීරණය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින අතර සාධාරණ පරීක්ෂණයක් සඳහා මූලික විමර්ශන අවසන් වූ පසු නඩුව වෙනත් පොලිස් ස්ථානයකට මාරු කිරීමටත් සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් නිළධාරිය එතනට නොගියේ නම් තවමත් එම කාන්තාව ජීවත් වන බවටයි බොහෝ දෙනා පවසන්නේ.