Robert Pattinson has officially been cast as the new James Bond

Robert Pattinson has officially been cast as the new James Bond

දශක දෙකකට අධික කාලයකට පසු සුප්‍රකට James Bond 007 චරිතය සඳහා Amazon MGM Studios විසින් Robert Pattinson නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා. 2021 වසරේ තිරගත වූ No Time to Die චිත්‍රපටයෙන් පසු Daniel Craig එම චරිතයෙන් සමුගැනීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් 40 හැවිරිදි Pattinson මෙලෙස තෝරාගෙන ඇති අතර, ඔහු නව Bond චිත්‍රපට ත්‍රිත්වයක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

නවතම Bond චිත්‍රපටය Denis Villeneuve විසින් අධ්‍යක්ෂණය කරන අතර එහි තිර රචනය Steven Knight විසින් සිදු කරනු ලබයි. මෙහි නිෂ්පාදන කටයුතු Amy Pascal සහ David Heyman විසින් ද, විධායක නිෂ්පාදනය Tanya Lapointe විසින් ද මෙහෙයවීමට නියමිතය.

මෙම තෝරාගැනීම පිළිබඳව අදහස් දක්වමින් Pattinson ප්‍රකාශ කර ඇත්තේ, සිනමා ඉතිහාසයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන 007 තමාට පැවරීම ජීවිතයේ ලැබුණු විශාලතම ගෞරවයක් මෙන්ම සිහිනයක් සැබෑ වීමක් බවයි. අධ්‍යක්ෂක Denis Villeneuve ද සඳහන් කර ඇත්තේ Pattinson සතුව 007 චරිතයට ගැළපෙන සදාකාලික පෞරුෂයක් මෙන්ම නවමු ජවයක් පවතින බවයි.

Nicholas Hoult, Callum Turner, Jack Lowden සහ Josh O’Connor වැනි බ්‍රිතාන්‍ය නළුවන් රැසක් සමඟ මාස ගණනාවක් පුරා පැවති තිර පරීක්ෂණවලින් අනතුරුව මෙම අවසන් තීරණය ගෙන තිබේ. ඒ අනුව Sean Connery, George Lazenby, Roger Moore, Timothy Dalton, Pierce Brosnan සහ Daniel Craig ට පසුව මෙම දීර්ඝ කාලීන චිත්‍රපට මාලාවේ Bond චරිතයට නිල වශයෙන් පණ පොවන 8 වන රංගන ශිල්පියා බවට Pattinson පත්වනු ඇත.

මෙම නව චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ලබන වසරේදී Amazon MGM Studios විසින් ආරම්භ කිරීමට නියමිත අතර, 2028 වසරේදී Sony සමාගම හරහා එය ජාත්‍යන්තරව බෙදාහැරීමට නියමිතය.