Senior DIG Ajith Rohana retires after 38 years of service

Senior DIG Ajith Rohana retires after 38 years of service

Coivd වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා විශ්‍රාම යයි.

ශ්‍රී ලංකා පොලීසිය තුළ වසර 38 ක සිය දීර්ඝ සේවා කාලය නිමා කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ අද දිනයේදී විශ්‍රාම ගනු ලැබුවා.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස අවසන් වරට කටයුතු කළ ඔහු වෙනුවෙන් කුරුණෑගලදී විශේෂ පොලිස් උත්තමාචාරයක් ද පිරිනමා තිබුණා.

වෘත්තියෙන් නීතීඥවරයෙකු ද වන ඔහු සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ තනතුරු රැසක් හොබවා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරමින් ඔහු මහජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වූ අතර, ඒ සමයේ සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වූ විවිධ memes සඳහා ද ඔහුගේ චරිතය බහුලව යොදා ගැනුණා.

ඔබට සුභ විශ්‍රාම දිවියක්!