
Sri Lanka Police disables photo comments on official Facebook page following severe public backlash
ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූප කමෙන්ට් කිරීමේ පහසුකම (Photo comments) හදිසියේම සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ පොලීසියට එල්ල වූ දැඩි මහජන විරෝධය සහ ජනතාවගේ අඛණ්ඩ බලපෑම මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මැයි 18 වනදා යාපනය ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ දෙමළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජනතාව මෙම විරෝධය ආරම්භ කර තිබුණා. අදාළ සිදුවීමට දින 4ක් ගත වී තිබුණද පොලීසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන්, කෝපයට පත් මහජනතාව අදාළ යාපනයේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පොලිස් නිල ෆේස්බුක් පිටුවේ පවතින සෑම සටහනකටම කමෙන්ට් ලෙස දිගින් දිගටම පළ කරමින් සිය විරෝධය දැක්වීමට කටයුතු කර තිබුණා.
රටේ අනෙකුත් ප්‍රදේශ වල මාර්ග නීති කඩකරන පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඒවා Memes ආකාරයෙන් පළ කළද, උතුරේ පැහැදිලි සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජනතාව මෙලෙස ඡායාරූප මඟින් පොලීසිය දැඩි ලෙස ප්‍රශ්න කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ මෙම අඛණ්ඩ ඡායාරූප කමෙන්ට් ප්‍රහාරය තවදුරටත් පාලනය කරගැනීමට නොහැකි වූ තැන, අවසානයේදී පොලිස් මාධ්‍ය අංශයට සිය ෆේස්බුක් පිටුවේ අදාළ පහසුකම මෙලෙස සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් හටගත් පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අපගේ ඇඩ්මින්වරයෙකුව පොලීසියේ නිල ෆේස්බුක් පිටුව මඟින් අවහිර කිරීමට (Block) එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කළ අභියාචනයක් ද මේ වන විට අතිසාර්ථක වී තිබෙනවා.
පොලීසියේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් පළ කිරීම හේතුවෙන් අප ඇඩ්මින් වරයාව මෙලෙස අවහිර කල අතර, රජයේ ආයතනයකට පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරමින් මෙලෙස කටයුතු කළ නොහැකි බවට ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුනේ, මෙම අවහිර කිරීම හිතාමතා සිදුකළ එකක් නොවන බවත් එය ස්වයංක්‍රීයව (Automatically) සිදු වූවක් විය හැකි බවයි. කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය විසින් එලෙස ස්වයංක්‍රීයව පරිශීලකයන්ව බ්ලොක් වන පහසුකමක් කිසිසේත් හඳුන්වා දී නොමැති අතර, මේ වන විට අපගේ ඇඩ්මින්වරයාට පනවා තිබූ අදාළ තහනම ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.