Sri Lankan authorities have reportedly recovered only USD 200 from the missing USD 2.5 million

Sri Lankan authorities have reportedly recovered only USD 200 from the missing USD 2.5 million

මුදල් අමාත්‍යාංශයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5න් සොයාගැනීමට හැකිව ඇත්තේ ඩොලර් 200ක් පමණයි.

මුදල් අමාත්‍යාංශය විසින් වංචාකරුවන් පිරිසක් වෙත බැර කල ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (දළ වශයෙන් රුපියල් කෝටි 75කට අධික) මුදලින් ශ්‍රී ලංකා බලධාරීන්ට සොයාගැනීමට හැකිව ඇත්තේ ඩොලර් 200ක් පමණක් බව වාර්තා වනවා.

Sunday Times පුවත්පත වාර්තා කරන ආකාරයට, මහා භාණ්ඩාගාරයෙන් විදේශීය බැංකු ගිණුම්වලට බැර කර ඇති මෙම මුදල් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ඇමරිකානු බලධාරීන්ගේ සහාය පතා තිබෙනවා.

එහිදී සිදුකළ විමර්ශනවලදී අදාළ මුදල්වලින් කොටසක් ඇමරිකාවේ Delaware ප්‍රාන්තයේ බැංකු ගිණුමකටත්, තවත් කොටසක් වෙනත් ප්‍රාන්තයක බැංකුවකටත් බැර කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා. කෙසේ වෙතත්, ඩෙලවෙයාර් හි ඇති ගිණුම පරීක්ෂා කිරීමේදී එය සම්පූර්ණයෙන්ම හිස්ව තිබූ අතර, අනෙක් ප්‍රාන්තයේ ඇති ගිණුමේ ඉතිරිව තිබී ඇත්තේ ඩොලර් 200ක් පමණක් බව ඇමරිකානු බලධාරීන් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.

සොයාගත් මෙම ඩොලර් 200 ක මුදල නැවත ශ්‍රී ලංකාවට ලබාගැනීමට කටයුතු කරමින් පවතින බව අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.