Whole-life order given to UK LGBTQ+ couple who sexually abused and murdered their adopted baby.

Whole-life order given to UK LGBTQ+ couple who sexually abused and murdered their adopted baby.

බ්‍රිතාන්‍යයේ පාසල් ගුරුවරයෙකු මෙන්ම ළමා ආරක්ෂණ නිලධාරියෙකු ලෙසද පුහුණුව ලබා සිටි පුද්ගලයෙකුට සහ ඔහුගේ සමලිංගික සහකරුට, ඔවුන් නීත්‍යානුකූලව හදාගැනීමට ගත් මාස 13ක් වයසැති දරුවෙකු ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ වරදට සිරදඬුවම් නියම වී තිබෙනවා. වයස අවුරුදු 37ක් වන Jamie Varley නම් මෙම ප්‍රධාන සැකකරුට කිසිදු සමාවක් නොමැතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇති අතර, ඔහුගේ සහකරු වන 32 හැවිරිදි John McGowan-Fazakerley හට ළමයෙකුට කෲර ලෙස සැලකීම, මරණයට ඉඩ හැරීම සහ ලිංගික අපයෝජනය යන චෝදනා මත වසර 25ක සිරදඬුවම් නියම වී තිබෙනවා.

සමලිංගික යුවළක් ලෙස ජීවත් වූ මොවුන් දෙදෙනා Preston Davey නම් මෙම දරුවාව භාරගෙන ඇත්තේ ඔහුට වයස මාස 9ක් වන විටදියි. ඉන්පසු මාස හතරක පමණ කාලයක් පුරාවට දරුවාට ඔවුන්ගෙන් දැඩි වධ හිංසා සහ ලිංගික අතවර සිදුවී තිබෙනවා. 2023 වසරේ ජූලි 27 වන දින දරුවා සිහිසුන් තත්ත්වයෙන් Blackpool Victoria රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් දැරුවද දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකි වී නැහැ. දරුවා නාන කාමරයේ දියේ ගිලී මියගිය බවට ඔවුන් එහිදී ප්‍රකාශ කළද, දරුවාගේ ශරීරය තෙත් වී නොතිබීම, කාලයේ නොගැළපීම් සහ CPR ලබාදීමේදී ශරීරයෙන් ජලය පිට නොවීම මත වෛද්‍යවරුන්ට දැඩි සැකයක් මතු වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී දරුවාගේ ශ්වසන මාර්ගයට, අන්ත්‍ර, මුත්‍රාශය සහ බඩවැල් වලට බරපතළ අභ්‍යන්තර හානි සිදුවී ඇති බව තහවුරු වී ඇති අතර, ඒ අනුව නොසැලකිලිමත්කම යටතේ විභාග වූ නඩුව මිනීමැරුමක් දක්වා වෙනස් වී තිබෙනවා. මෙම යුවළ නිතරම Instagram හරහා දරුවාගේ වීඩියෝ පළ කරමින් පරිපූර්ණ පවුලක් ලෙස පෙනී සිටීමට උත්සාහ කර ඇති නමුත්, ඔවුන්ගේ දුරකථන පරීක්ෂා කිරීමේදී දරුවා ගෙන ආ මුල් දින කිහිපයේ සිටම බරපතළ ලෙස අපයෝජනයට ලක් කර ඇති බවට සාක්ෂි හමුවී තිබෙනවා. ඒ වගේම ඔවුන් දරුවා පෙන්වමින් සමාජ මාධ්‍යවල අනිසි ලෙස ජනප්‍රිය වීමට උත්සාහ කරද තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීමත් සමඟ දරුවන් දරුකමට භාරදීමේ ක්‍රියාවලියේදී මීට වඩා දැඩි පරීක්ෂාවක් සිදුකළ යුතු බවටත්, සැක සහිත තත්ත්වයන් වහාම වාර්තා කිරීමේ වැදගත්කමත් නැවත වරක් සමාජයට මතක් කර දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළද යම් ළමා හිංසනයක් හෝ එවැනි අවදානම් තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ නම්, වහාම 1929 ළමා ආරක්ෂක ක්ෂණික ඇමතුම් අංකය වෙත දැනුම් දෙන ලෙසත් එවැනි LGBTQ+ ප්‍රජාවගෙන් ඔබගේ දරුවා ඈත් කර තබන ලෙසටද අප විසින් සිහිපත් කර සිටිනවා.