
The FBI is now probing a string of mysterious deaths and disappearances among scientists tied to NASA, SpaceX, and Blue Origin.
NASA, SpaceX සහ Blue Origin යන ප්‍රධාන පෙළේ ආයතනවලට සම්බන්ධ විද්‍යාඥයින් පිරිසකගේ අතුරුදහන්වීම් සහ අභිරහස් මරණ මාලාවක් පිළිබඳව FBI ආයතනය මේ වන විට දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙම සිදුවීම් මාලාව පිටුපස කිසියම් සබඳතාවක් පවතින්නේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්, මෙම මරණ සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන් විමර්ශන කටයුතු තවදුරටත් තීව්ර කර ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
2023 වසරේ සිට 2026 අප්‍රේල් තුළදී මෙලෙස අභ්‍යවකාශ සහ න්‍යෂ්ටික පර්යේෂණ ක්ෂේත්රවල නියැලුණු විද්‍යාඥයින් 12 දෙනෙකු පමණ අභිරහස් ලෙස මියගොස් හෝ අතුරුදහන් වී තිබෙනවා. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ජාතික ආරක්ෂාවට වැදගත් වන රහසිගත ව්‍යාපෘතිවල නිරත වූවන් වන අතර, මෙම සිදුවීම් හුදෙක් අහම්බයන් ද නැතිනම් කිසියම් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ද යන්න පිළිබඳව FBI ආයතනය Department of Energy සහ Department of Defense සමඟ එක්ව මේ වන විට පරීක්ෂණ පවත්වනු ලබනවා.
Discussion
No comments yet — start the conversation.