TikTok removes over 871,000 videos from Sri Lanka in the first half of 2026

TikTok removes over 871,000 videos from Sri Lanka in the first half of 2026

TikTok සමාගම විසින් 2026 වසරේ මුල් භාගය තුළදී ශ්‍රී ලංකාවෙන් පළ කළ වීඩියෝ 871,446 ක් සිය වේදිකාවෙන් ඉවත් කර තිබෙනවා. ඔවුන්ගේ නවතම වාර්තාවලට අනුව ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම මීට හේතුවයි.

මෙහිදී ජනවාරි සිට මාර්තු දක්වා පළමු කාර්තුව තුළ වීඩියෝ 441,089 ක් සහ අප්‍රේල් සිට ජූනි දක්වා දෙවන කාර්තුව තුළ වීඩියෝ 430,357 ක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව පළමු කාර්තුවට සාපේක්ෂව දෙවන කාර්තුවේදී වීඩියෝ ඉවත් කිරීම 2.4% කින්, එනම් වීඩියෝ 10,732 කින් අඩුවී ඇති බව දැකගත හැකියි. මෙය ශ්‍රී ලංකාවෙන් පළ කළ සමස්ත වීඩියෝ ප්‍රමාණයෙන් 0.5% ක ප්‍රතිශතයක්. කෙසේ වෙතත් නැවත සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉවත් කළ වීඩියෝ අතුරින් 33,011 ක් යළිත් ලබා දීමට ද ඔවුන් කටයුතු කර ඇති අතර ඊට පළමු කාර්තුවේ වීඩියෝ 20,051 ක් සහ දෙවන කාර්තුවේ වීඩියෝ 12,960 ක් අයත්.

මෙලෙස ඉවත් කළ වීඩියෝවලින් දෙවන කාර්තුවේදී 99.4% ක් සහ පළමු කාර්තුවේදී 99.1% ක්ම පරිශීලකයින් විසින් රිපෝට් කිරීමටත් පෙර TikTok මඟින්ම හඳුනාගෙන තිබීම විශේෂත්වයක්. එමෙන්ම පළමු කාර්තුවේදී ඉන් 95% ක් සහ දෙවන කාර්තුවේදී 93.9% ක් පළ කර පැය 24 ක් ඇතුළත වේදිකාවෙන් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය වශයෙන් ඉවත් කළ වීඩියෝවලින් 19.5% ක්ම සංවේදී සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ අන්තර්ගතයන් වනවා. ඊට අමතරව මානසික සෞඛ්‍ය ගැටලු, නිරුවත සහ ලිංගික හැසිරීම් මෙන්ම භයානක ක්‍රියාකාරකම් ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ලොව පුරා දෙවන කාර්තුව තුළ පමණක් වීඩියෝ මිලියන 188.3 ක් ඉවත් කර ඇති අතර ඊට වැඩි වශයෙන් AI සහ ස්වයංක්‍රීය පද්ධති භාවිත කර තිබෙනවා.