TV Time is shutting down on July 15.

TV Time is shutting down on July 15.

ලොව පුරා චිත්‍රපට සහ කතාමාලාවන් රසිකයන් අතර ඒවායේ ප්‍රගතිය සටහන් කර ගැනීමට භාවිත කළ අතිශය ජනප්‍රිය TV Time යෙදුම 2026 වසරේ ජූලි 15 වනදායින් පසුව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

තවදුරටත් මෙය නොමිලේ ලබා දෙන සේවාවක් ලෙස පවත්වාගෙන යාම අපහසු වී ඇති බවත්, මුදල් ගෙවා ලබා ගන්නා යෙදුමක් ලෙස පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ඉල්ලුමක් පරිශීලකයින්ගෙන් නොමැති වීමත් මෙම තීරණයට හේතු වී ඇති බව ඔවුන්ගේ නවතම නිවේදනයේ දැක්වෙනවා. වසර ගණනාවක් පුරා පරිශීලකයින් රැසක් තම ප්‍රියතම දර්ශන නැරඹූ බව සලකුණු කිරීමට මෙම සේවාව භාවිත කළ අතර, මෙම තීරණයත් සමඟ ඔවුන්ට වෙනත් විකල්ප යෙදුම් වෙත යොමු වීමට සිදුවනු ඇති.