
Ubisoft co-founder Claude Guillemot dies in a plane crash at the age of 69.
ලොව ප්‍රකට Ubisoft සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන වයස අවුරුදු 69 ක් වූ Claude Guillemot ප්‍රංශයේදී සිදු වූ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රංශයේ La Baule ප්‍රදේශයේදී ඔහුටම අයත් Cessna 421 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, ඔහු සමඟ ගමන් කළ ගුවන් උපදේශකවරයෙකුද ඉන් මියගොස් තිබෙනවා.
වර්ෂ 1986 දී සිය සහෝදරයින් සිව්දෙනා සමඟ එක්ව Ubisoft සමාගම ආරම්භ කළ ඔහු ලොව පුරා අතිශය ජනප්‍රිය Assassin's Creed සහ Far Cry වැනි දැවැන්ත වීඩියෝ ක්‍රීඩා රැසක් ලෝකයට හඳුන්වා දීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. මෙම හදිසි වියෝව පිළිබඳව දැඩි කණගාටුව පළ කරමින් Ubisoft සමාගමද මේ වන විට නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.