Upul Shantha Sannasgala to host Sirasa Lakshapathi season 12 replacing Chandana Sooriyabandara

Upul Shantha Sannasgala to host Sirasa Lakshapathi season 12 replacing Chandana Sooriyabandara

සිරස රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන අතිශය ජනප්‍රිය Sirasa Lakshapathi වැඩසටහනේ නවතම අදියර වන 12 වන අදියර (Season 12) මෙහෙයවීම සඳහා ප්‍රවීණ ලේඛක සහ ගුරුවරයෙක් උපුල් ශාන්ත සන්නස්ගල ව මේ වන විට නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා.

ලොව පුරා ජනප්‍රිය Who Wants to Be a Millionaire? වැඩසටහනේ සිංහල අනුවාදය වන 2010 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහනේ පළමු අදියර ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් විසින් මෙහෙයවනු ලැබූ අතර, ඉන් අනතුරුව 2011 වසරේ සිට පසුගිය 11 වන අදියර දක්වාම වසර ගණනාවක් පුරාවට එහි නිවේදකයා ලෙස කටයුතු කරනු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර විසිනි. කෙසේ වෙතත් වැඩසටහනට එක් කළ නවතම මුහුණුවරත් සමගින් එහි අලුත්ම නිවේදකයා ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මෙලෙස ඉදිරියේදී ප්‍රේක්ෂකයින් හමුවීමට නියමිතව පවතිනවා.