“වෙනියෙක්” වෙනුවට "ළමයෙක්"

“වෙනියෙක්” වෙනුවට "ළමයෙක්"

අපේ දරුවෝ “වෙනියෙක්” කරන තරගය අස්සේ, දරුවන්ව "ළමයෙක්" කරන්න මතක් කරපු අපූරු වැඩක්!

අද කාලේ ළමයි කියන්නේ හරියට රේස් එකකට දුවවන අශ්වයෝ වගේ. උදේ පාන්දර නැගිටලා ඉස්කෝලෙ යනවා, ඊටපස්සේ එක දිගට ටියුෂන් පන්ති, ගෙදර ඇවිත් නිදාගන්නකම් හෝම්වර්ක්. මේ ඔක්කොම කරන්නේ ඇයි? පන්තියේ පළවෙනියා, දෙවෙනියා, එහෙමත් නැත්නම් මොකක් හරි 'වෙනියෙක්' වෙන්න. මේ තරගය අස්සේ අපි අපේ දරුවන්ගේ සුන්දර ළමා කාලය එයාලගෙන් උදුරගන්නවා නේද කියලා, මොහොතකට හරි නැවතිලා හිතන්න අපිට වෙලාවක් නැහැ.

මේ පාර ලෝක ළමා දිනය වෙනුවෙන් Munchee Tikiri Marie කරලා තිබුණු වැඩේ දැක්කම ඇත්තටම හදවතටම දැනුණේ අන්න ඒ නිසයි. නිකම්ම නිකන් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීමක් හදනවා වෙනුවට, මුළු සමාජයටම වටිනා පණිවිඩයක් දෙන්න එයාලා කටයුතු කරලා තිබුණා. "වෙනියෙක් වෙනුවට ළමයෙක්" කියන ඒ අපූරු සංකල්පය අද කාලෙට කොච්චර නම් ගැලපෙනවද!
ඔක්තෝබර් 03 වෙනිදා අපේ ගම පරිශ්‍රයේ කරපු මේ 'අමුතු විභාගය' සරල වුණාට ඒක ඇතුළේ තියෙන සමාජ යථාර්ථය හරිම ගැඹුරුයි. ළමයින්ට විභාගයක් ලියලා "හොඳම ළමයා" වෙන්නද, නැත්නම් සෙල්ලම් කරලා තමන්ගේ ළමා ලෝකය අත්විඳින්නද කියලා විකල්ප දෙකක් දුන්නම, අපේ ළමයි අනිවාර්යයෙන්ම විභාගය තෝරාගන්න තරමටම ඒ පුංචි මනස් අපි විසින්ම රේස් එකකට හුරු කරලා ඉවරයි. ඒක කොච්චර ඛේදවාචකයක්ද? හැබැයි එතනදි තරගකාරීත්වයෙන් එයාලව මුදවලා, නිදහසේ සෙල්ලම් කරන්න දීලා, දෙමාපියන්ගේ ඇස් අරවන්න Munchee Tikiri Marie කරපු ඒ වැඩේ නම් අති විශිෂ්ටයි.

ඇත්තම කතාව ඒකයි. ළමයෙක් කියන්නේ රෑන්ක් එකක් නෙවෙයි. පොත් ගොඩක් අස්සේ හිරවෙලා ඉන්න යන්ත්‍රයකුත් නෙවෙයි. IMF වාර්තා පවා පෙන්වා දෙන්නේ අපේ රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් තියෙන තරුණයින්ට පවා රැකියා වෙළඳපොළට සරිලන කුසලතා නැහැ කියලයි. මිනිස්සුන්ව තේරුම් ගන්න, නිර්මාණශීලීව හිතන්න, ප්‍රශ්න විසඳන්න වගේ ජීවිතේට ඕන කරන ඇත්තම දේවල් ළමයි ඉගෙනගන්නේ සෙල්ලම් කරද්දි, පරිසරය එක්ක ගැටෙද්දි මිසක් හතරබිත්ති අස්සේ කොටුවෙලා විභාග පාස් කරද්දි විතරක් නෙවෙයි.
අධ්‍යාපනය එපා කියනවා නෙවෙයි. දරුවන්ගේ අනාගතයට අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒත් හෙට වෙනුවෙන් අද දවස මැරෙනවා වෙනුවට, අද දවසේ ඒ ටිකිරි මොළවලට නිදහසේ හිතන්න, සතුටින් හිනාවෙලා ළමයෙක් විදියට ජීවත් වෙන්න ඉඩ දෙමු කියන මේ පණිවිඩය හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම තේරුම් ගන්නවා නම් අපේ දරුවන්ගේ අනාගතය මීට වඩා ගොඩක් ලස්සන වෙයි.

දරුවන්ට ළමයෙක් වෙලා ඉන්න පුලුවන් කාලය අදයි. වද දෙනවා වෙනුවට, හදවතට කතා කරපු මේ වගේ අර්ථවත් කතිකාවතක් සමාජය ඇතුළේ නිර්මාණය කළාට Munchee Tikiri Marie ට ගොඩක් ස්තූතියි!
ඇත්තටම... කොහොමද ටිකිරි මොළේ?