Wikipedia co-founder Larry Sanger permanently banned from editing the platform

Wikipedia co-founder Larry Sanger permanently banned from editing the platform

Wikipedia වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන Larry Sanger හට එම වෙබ් අඩවියේ කිසිදු තොරතුරක් සංස්කරණය කිරීමට නොහැකි වන පරිදි ස්ථිර තහනමක් (permanent ban) පැනවීමට එහි ස්වේච්ඡා පරිපාලකයින් කටයුතු කර තිබෙනවා. Wikipedia වෙබ් අඩවියේ පවතින එක්තරා මතවාදී පක්ෂපාතීත්වය වෙනස් කර එහි බුද්ධිමය විවිධත්වය (Intellectual Diversity) ආරක්ෂා කිරීම සඳහා ඔහු විසින් මෑතකදී හඳුන්වා දුන් ව්‍යාපෘතියක්, 𝕏 සමාජ මාධ්‍ය ජාලය හරහා ඔහුගේ අනුගාමිකයින් 93,000 කට අධික පිරිසක් වෙත ප්‍රසිද්ධ කරමින් අභ්‍යන්තර ඡන්ද විමසීම් සඳහා බලපෑම් කිරීමට උත්සාහ කිරීම මෙම තහනමට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

මෙලෙස බාහිර පිරිස් යොදවා වෙබ් අඩවියේ අභ්‍යන්තර තීරණ වෙනස් කිරීමට උත්සාහ කිරීම Wikipedia හි නීතිරීති (canvassing guidelines) බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් මෙම තීරණය ගෙන ඇති අතර, Larry Sanger ප්‍රකාශ කරන්නේ කිසිදු සාධාරණ නඩු විභාගයකින් තොරව කල්ලියක් විසින් මෙම තහනම පනවා ඇති බවයි. වෙබ් අඩවියේ නම පවා නිර්මාණය කර එහි මූලික නීති පද්ධතිය සකස් කළ සම නිර්මාතෘවරයාටම මෙලෙස ස්ථිර තහනමක් පැනවීම මේ වන විට ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.