
A live-action Cyberpunk 2077 movie is in the works at Paramount.
Paramount Pictures සමාගම විසින් CD Projekt Red ආයතනය නිර්මාණය කළ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව පාදක කරගනිමින් නව සජීවී-ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වනවා.
Transformers, Transformers One, Snake Eyes සහ Madame Web වැනි චිත්‍රපට සඳහා දායක වූ නිෂ්පාදක Lorenzo di Bonaventura මෙම ව්‍යාපෘතිය සඳහා CD Projekt Red සමඟ එක්ව සිටින අතර, මෙහි සම්පූර්ණ අයිතිය තවදුරටත් CD Projekt Red ආයතනය සතුව පවතිනවා.
මෙම නව චිත්‍රපටය 2020 වසරේ නිකුත් වූ වීඩියෝ ක්‍රීඩාවේ පසුබිම වන California හි Night City පාදක කරගනිමින් නිර්මාණය වනු ඇති. මුල් කතාවට අනුව, V නමැති කුලී හේවායාගේ මනසට Johnny Silverhand නමැති ත්‍රස්තවාදී රොක් තරු ගායකයාගේ විඥානය අඩංගු ජෛව තාක්ෂණික චිපයක් සම්බන්ධ වන අතර, ඔවුන් දෙදෙනාට බලවත් Arasaka Corporation සමාගම සමඟ සටන් කිරීමට සිදුවනවා. මේ වන විට Cyberpunk 2077 ක්‍රීඩාවේ පිටපත් මිලියන 40 කට වඩා අලෙවි වී ඇති අතර, එහි ප්‍රධාන දිගුවක් වන Phantom Liberty පිටපත් මිලියන 15 ක් අලෙවි වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය තවමත් මූලික සංවර්ධන මට්ටමේ පවතින බැවින්, මෙහි අධ්‍යක්ෂවරයා, තිර රචකයා, රංගන ශිල්පීන් හෝ නිකුත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් නිවේදනය කර නැහැ. මෙය Paramount සමාගම විසින් වීඩියෝ ක්‍රීඩා පාදක කරගනිමින් නිර්මාණය කරන චිත්‍රපට මාලාවේ තවත් එක් පියවරක් වනවා. ඔවුන් Legendary සමාගම සමඟ එක්ව ඔක්තෝබර් 16 වනදා නිකුත් වීමට නියමිත Street Fighter චිත්‍රපටය මෙන්ම, අධ්‍යක්ෂ Peter Berg සමඟ එක්ව Call of Duty චිත්‍රපටයක් ද මේ වන විට නිර්මාණය කරමින් පවතිනවා.
2023 වසරේදී CD Projekt Red ආයතනය Anonymous Content සමඟ එක්ව ආරම්භ කළ Cyberpunk 2077 සජීවී ක්‍රියාදාම ව්‍යාපෘතියට වඩා මෙම Paramount ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවයි වාර්තා වන්නේ. එම පැරණි ව්‍යාපෘතිය 2024 වසර අගභාගය වන විටත් සංකල්පීය මට්ටමේ පැවති අතර, එය අදාළ ක්‍රීඩා විශ්වය තුළම දිවෙන නවමු කතාවක් ගෙන ඒමට සැලසුම් කර තිබුණා.
Discussion
No comments yet — start the conversation.