
Legendary I.G.I. game gets an Android release after 26 years
2000 වසරේදී නිකුත් වී ශ්රී ලාංකිකයින් ඇතුළු ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත්වූ Project I.G.I. (I’m Going In) පරිගණක ක්රීඩාව දැන් ජංගම දුරකථන හරහා ද ක්රීඩා කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මෙහි මුල් සංවර්ධකයින් වන Innerloop Studios හෝ Eidos සමාගම විසින් මෙහි නිල ජංගම දුරකථන සංස්කරණයක් නිකුත් කර නොමැති වුවත්, රසිකයන් විසින් නිර්මාණය කළ සංස්කරණක් අද දින අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
අද දින නිකුත් වූ මෙම නිල නොවන Android APK සංස්කරණය මුල් Windows මෘදුකාංගය නැවත සකස් කරමින් නිර්මාණය කර තිබෙනවා. මෙය emulation එකක් නොවන බැවින් මුල් ක්රීඩාවේ වේගයෙන්ම ක්රියාත්මක වන අතර, wireless Xbox controllers සම්බන්ධ කිරීමේ පහසුකම සහ අන්තර්ජාලය නොමැතිව (offline) සියලුම මෙහෙයුම් ක්රීඩා කිරීමේ හැකියාව ද මෙයට ඇතුළත්. මීට පෙර Google Play Store හරහා IGI නමින් වෙනත් පාර්ශව විවිධ ක්රීඩා නිකුත් කර තිබුණත්, මුල් පරිගණක ක්රීඩාව ඒ ආකාරයෙන්ම ජංගම දුරකථනයකට ගෙන ආ (mobile port) සැබෑම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
2000 දශකයේ මුල් භාගයේ පරිගණක හරහා මෙම ක්රීඩාවට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුට දශක දෙකකට පමණ පසු ලැබුණු මෙම ජංගම දුරකථන සංස්කරණය අපූරු අත්දැකීමක් වනු නිසැකයි. Download කරගැනීම සඳහා පළමු comment එකෙන් අපගේ web අඩවියට පිවිසෙන්න.
Password: thesricom.lk
Discussion
No comments yet — start the conversation.