Breaking Bad star RJ Mitte passes away at 34

Breaking Bad star RJ Mitte passes away at 34

ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ Breaking Bad රූපවාහිනී කතාමාලාවේ Walter ‘Flynn’ White Jr. ගේ චරිතයට පණ පෙවූ අමෙරිකානු රංගන ශිල්පී RJ Mitte අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 34 ක් වනවා.

ඔහුගේ නියෝජිතයින් විසින් පසුගිය ඔක්තෝබර් 12 වැනිදා මෙම පුවත තහවුරු කර ඇති අතර, Texas ප්‍රාන්තයේ Brownsville හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු සියදිවි හානිකරගෙන ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු සැකකටයුතු බවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වයස අවුරුදු තුනේදී Cerebral Palsy රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට හඳුනාගැනුණු RJ Mitte, Breaking Bad කතාමාලාව තුළදී ද එම රෝගී තත්ත්වයෙන් පෙළෙන චරිතයකටම පණ පෙවීම විශේෂත්වයක්. රංගනයට අමතරව ඔහු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඔහුගේ හදිසි වියෝව වෙනුවෙන් Breaking Bad කතාමාලාවේ ඔහුගේ පියාගේ චරිතය නිරූපණය කළ Bryan Cranston සහ Aaron Paul ඇතුළු රංගන ශිල්පීන් රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා. මියයෑමට දින කිහිපයකට පෙර ඔහු Talking to Strangers නමැති සිය නවතම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට මෙන්ම The Joe Vulpis Podcast වැඩසටහනට ද එක්වී තිබීම විශේෂත්වයක්.