Eric Bauza, modern voice of Bugs Bunny and Daffy Duck, dies at 46

Eric Bauza, modern voice of Bugs Bunny and Daffy Duck, dies at 46

ලොව පුරා අතිශය ජනප්‍රිය Looney Tunes කාටූන් චරිත වන Bugs Bunny, Daffy Duck මෙන්ම තවත් ආදරණීය කාටූන් චරිත ගණනාවකට සිය හඬින් ජීවය දුන් ජනප්‍රිය හඬකැවීම් ශිල්පී Eric Bauza අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 46ක් වූ අතර, අධි රුධිර පීඩනය ආශ්‍රිත හෘද රෝගයක් (hypertensive cardiovascular disease) හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේදී මෙම මරණය සිදුව ඇති බවයි වෛද්‍ය වාර්තා තහවුරු කර ඇත්තේ.

1979 වසරේ කැනඩාවේ උපත ලද Bauza, අතිදක්ෂ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ක්‍ෂේත්‍රයේ විශාල නමක් දිනාගෙන සිටියා. Bugs Bunny සහ Daffy Duck ට අමතරව Porky Pig, Elmer Fudd, Foghorn Leghorn, Tweety Bird, Road Runner සහ Marvin the Martian වැනි ලොව පුරා ප්‍රසිද්ධියට පත් චරිත රැසකට ඔහු මෑතකාලීනව හඬ කවා තිබෙනවා. මීට අමතරව The Super Mario Bros. Movie, Teen Titans Go, Rick and Morty වැනි ජනප්‍රිය නිර්මාණ රැසකටම සිය දායකත්වය ලබා දී ඇති ඔහු, සිය වෘත්තීය ජීවිතය තුළ නිර්මාණ 400කට අධික ප්‍රමාණයකට හඬකැවීමෙන් දායක වී තිබීම විශේෂත්වයක්.

ඔහුගේ මෙම සුවිශේෂී හැකියාව ඇගයීම සඳහා 2022 සිට 2025 දක්වා කාලය තුළ ඔහුට Childrens and Family Emmy සම්මාන තුනක්ම හිමිවී තිබුණා. ඔහු මියයන විටත් Bye Bye Bunny: A Looney Tunes Musical සහ The Dragon Masters යන ව්‍යාපෘතිවල පෙර නිෂ්පාදන කටයුතු සඳහා සම්බන්ධ වී සිටි බවයි වාර්තා වන්නේ. ඔහුගේ මෙම හදිසි වියෝව සජීවිකරණ කර්මාන්තයට මෙන්ම ලොව පුරා සිටින ඔහුගේ රසිකයින්ටද කිසිසේත් පියවිය නොහැකි පාඩුවක් බව Warner Bros. සමාගම ඇතුළු බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා ශෝකය පළකරමින් ප්‍රකාශ කර සිටිනවා.