
Pizza Hut co-founder Dan Carney dies at 95
ලොව පුරා දැවැන්ත ආපනශාලා ජාලයක් බවට පත්ව ඇති Pizza Hut හි සම-නිර්මාතෘ Dan Carney සිය ජීවිත ගමනෙන් සමුගෙන තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 95 ක්. නොවැම්බර් 13 වනදා ඇමරිකාවේ Wichita හිදී පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන ඔහු අවසන් හුස්ම හෙළා ඇති බව වාර්තා වනවා. ඔහුගේ සොහොයුරා මෙන්ම Pizza Hut හි අනෙක් නිර්මාතෘවරයා වන Frank Carney 2020 වසරේදී වයස අවුරුදු 82 ක්ව සිටියදී මිය ගියා.
1958 වසරේදී තම මවගෙන් ණයට ගත් ඩොලර් 600 ක මුදලකින් මෙම සොහොයුරන් දෙදෙනා Wichita හි කුඩා ගොඩනැගිල්ලක පළමු Pizza Hut ආපනශාලාව ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ නාමපුවරුවේ අකුරු අටකට පමණක් ඉඩ තිබූ බැවින් එයට Pizza Hut යන නම තබා ඇති බවයි සඳහන් වන්නේ. කුඩා ආපනශාලාවක් ලෙස ආරම්භ වූ මෙය ඉතා කෙටි කලකින් ජනප්‍රිය වූ අතර, ඊළඟ වසරේදී Topeka හි ඔවුන්ගේ පළමු franchise ශාඛාව විවෘත කරමින් ව්‍යාපාරය පුළුල් කිරීමට ඔවුන් කටයුතු කළා.
1970 දශකයේ මැද භාගය වන විට Pizza Hut ප්‍රධාන පෙළේ ජාතික සන්නාමයක් බවට පත්ව තිබූ අතර, 1977 වසරේදී Carney සොහොයුරන් විසින් දළ වශයෙන් ඩොලර් මිලියන 300 කට PepsiCo සමාගම වෙත එය විකුණා දමනු ලැබුවා. අද වන විට ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක Pizza Hut ආපනශාලා දහස් ගණනක් ක්‍රියාත්මක වනවා.
ව්‍යාපාරික කටයුතුවලට අමතරව Dan Carney ප්‍රජා සත්කාරක කටයුතු සඳහා ද දැඩිව සම්බන්ධ වී සිටි අයෙක්. ඔහු වසර 50 ක් පුරා Cerebral Palsy Research Foundation of Kansas හි සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, තමන් අධ්‍යාපනය ලැබූ Wichita State University සමඟ ද සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. 1953 වසරේදී ඉන් උපාධිය ලබාගත් ඔහු, දශක පහකට පමණ පසුව එතැනින්ම සිය MBA උපාධිය ද ලබාගැනීම විශේෂත්වයක්.
Discussion
No comments yet — start the conversation.