CyberNex: Inter-School ICT Day Competition

CyberNex: Inter-School ICT Day Competition

ගිය අවුරුද්දේ කැකිරාව මධ්‍ය විද්‍යාලයෙන් පටන්ගත්ත CyberNex කියන නම, මේ වෙද්දි පාසල් ICT circles අතර ටිකෙන් ටික හුරු නමක් වෙලා.

CyberNex’25 සංවිධානය වුණේ උතුරු මැද පළාතේ සංවිධානය වූ ප්‍රථම අන්තර් පාසල් ICT Day Competition එක විදිහට. ඒකට ලංකාව පුරා පාසල් 30කට වැඩි ප්‍රමාණයක් එකතු වුණා. පළවෙනි වතාවට කරපු event එකකට ඒ ලැබුණු response එකත් එක්ක CyberNex කියන ගමන එතනින් නවතින්නෙ නැති බව එදාම පේන්න තිබුණා.

දැන් ඒ ගමනේ ඊළඟ පියවර තමයි CyberNex’26. මේ අවුරුද්දෙත් CyberNex’26 සංවිධානය කරන්නේ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය. මේ වෙද්දි registrations close කරලා ඉවරයි. දැන් competitorsලා තමන්ගේ projects සහ creations submit කරන stage එකේ ඉන්නේ. Web Development, Graphic Design සහ Photo Manipulation Art වගේ categories එක්ක මේ පාර විශේෂයෙන් කතා කරන්න ඕන competition එකක් තමයි Automation. අද technology ගැන කතා කරනකොට automation කියන්නේ අමතක කරන්න බැරි topic එකක්. දවසින් දවස manually කරන වැඩ systems වලට භාරදෙන එක, repetitive tasks automate කරන එක, different tools එකිනෙකට connect කරලා workflows හදන එක දැන් companies වල ඉඳන් අපේ දෛනික වැඩ දක්වාම වේගයෙන් වැඩිවෙමින් තියෙනවා. ඒ නිසා school level එකේ ඉඳන්ම studentsලාට problem එකක් බලලා, "මේක තවත් smart විදිහකට කරන්න පුළුවන්ද?" කියලා හිතන්න අවස්ථාවක් දෙන Automation Competition එක CyberNex’26 එකේ වැදගත්ම additions වලින් එකක් කියලා කියන්න පුළුවන්.

මෙතන වැදගත් වෙන්නේ technology එක use කරන එක විතරක් නෙවෙයි. තියෙන ගැටලුවක් හඳුනාගෙන, ඒකට practical solution එකක් හදලා, වැඩක් පහසු හෝ වේගවත් කරන්න technology එක කොහොමද use කරන්නේ කියන thinking එකත් එක්ක studentsලාට compete කරන්න ලැබෙනවා.

ඒත් CyberNex’26 එතනින් නවතින්නේ නැහැ.මේ පාර Cyber Forensics Competition එකත් තරගාවලියට ඇතුළත්. Digital world එක ලොකු වෙන තරමට cyber security, digital evidence සහ online systems ඇතුළේ සිද්ධ වෙන දේවල් නිවැරදිව හඳුනාගැනීම වගේ skills වල වැදගත්කමත් වැඩි වෙනවා. ඒ වගේ field එකක් පාසල් සිසුන් අතර competition එකක් විදිහට ගෙන එන එකත් CyberNex’26 මේ පාර වෙනස් කරන දෙයක්. ඒ අතරේ මේ මාසයත් CyberNex එක්ක busy. E-Sports Tournament එක, Quiz Competition එකේ preliminary stages සහ Algorithm Competition එක මේ මාසය තුළ පැවැත්වීමට නියමිතයි. ඒ නිසා October වල ICT Day එක එනකම් නිකන්ම wait කරන competition එකක් නෙවෙයි මේක. මේ වෙද්දිත් CyberNex’26 එක එක stage වලින් ඉදිරියට යමින් තියෙනවා.

ඊට පස්සේ තවත් interesting part එක එන්නේ ICT Day එකේදි.Cyber Forensics Competition එක සහ Quiz Competition එකේ Final Round එක CyberNex’26 ICT Day එකේදීම පැවැත්වීමට නියමිතයි. ඒ කියන්නේ final event එක projects display කරන සහ awards ලබාදෙන දවසක් විතරක් නෙවෙයි. එදාම තවත් තීරණාත්මක competitions කිහිපයක අවසාන සටනත් live එකේම සිද්ධ වෙනවා. මේ අවුරුද්දේ CyberNex වටා ලොකු attention එකක් ගත්ත තවත් කොටසක් තමයි Most Popular ICT Society competition එක. දිවයිනේ පාසල් ගණනාවක් ඒකට එකතු වුණ අතර අවසානයේ කොළඹ ආනන්ද විද්‍යාලය එම සම්මානය දිනාගත්තා. පාසල් අතර තිබුණු ඒ competition එකෙන්ම CyberNex කියන්නේ එක දවසක event එකකට වඩා ටිකක් ලොකු දෙයක් වෙමින් තියෙනවා කියලා පේන්න තිබුණා.

මේ හැම stage එකකම අවසානයේ හැමෝම බලාගෙන ඉන්නේ CyberNex’26 Final Event එක දිහා. එය එළඹෙන ඔක්තෝබර් මාසයේදී කැකිරාව මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි. මේ දවස්වල submit වෙන projects, competitions වලින් ඉදිරියට එන studentsලා, Cyber Forensics සහ Quiz finals, සහ මාස ගණනක් පුරා build වෙන මේ තරගකාරීත්වය එකම තැනකට එන්නේ එදාට. CyberNex’26 Final Event එක පාසල් සිසුන් වෙනුවෙන්ම පැවැත්වෙන නිසා, ඒකට එකතු වෙන්න කැමති අයට වැඩි විස්තර CyberNex සංවිධායක කණ්ඩායමෙන් ලබාගන්න පුළුවන්. අවශ්‍ය contact details ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සහ Facebook page එකේ දාලා තියෙනවා.

CyberNex’26 ගැන අලුත්ම updates සහ වැඩි විස්තර බලන්න:cybernex.kekirawacc.lk