
Dialog Axiata becomes Sri Lanka’s most valuable listed company.
කොළඹ කොටස් වෙළෙඳපොළේ (Colombo Stock Exchange) දැවැන්තම පෙරළියක් සිදුකරමින්, වසර ගණනක් පුරාවට අංක එකේ පසුවූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings PLC - JKH) සමාගම දෙවන ස්ථානයට පත් කරමින් මෙරට වටිනාකමින් වැඩිම ලැයිස්තුගත සමාගම (Most Valuable Listed Company) බවට පත්වීමට Dialog Axiata PLC සමාගම සමත්ව තිබෙනවා. මෙතෙක් කාලයක් වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය (Market Capitalization) අතින් වසර ගණනාවක් අංක එකේ පසු වූ John Keells Holdings - JKH දෙවන ස්ථානයට පත් කරමිනුයි Dialog සමාගම මෙම ඓතිහාසික කඩඉම පසුකර ඇත්තේ.
මීට පෙර Dialog Axiata සමාගම දෙවරක් පළමු ස්ථානයට පත්ව ඇති අතර, 2005 ජූලි 7 වන දින ලැයිස්තුගත වුණු පළමු දිනම (listing day) පළමු ස්ථානයට පත්වී, ඊට වසර 11කට පසුව (2015 පමණ සිට) නැවතත් පළමු ස්ථානයට පත්ව තිබුන අතර හරියටම වසර 11ට පසු නැවතත් ඔවුන් 2026 වසරේ පළමු ස්ථානයට පත් වීම විශේෂත්වයක්.
හුදෙක් එක් සමාගමක ව්යාපාරික ජයග්රහණයකට එහා ගිය මෙම කඩඉමෙන් මනාව පැහැදිලි වන්නේ ශ්රී ලංකාවේ විදුලි සංදේශ සහ ඩිජිටල් තාක්ෂණික ක්ෂේත්රය මේ වන විට රටේ ආර්ථිකය තුළ කෙතරම් ප්රබල සහ තීරණාත්මක ස්ථානයක් හිමිකරගෙන ඇත්ද යන්නයි. මෑත කාලීනව ඔවුන් විසින් Airtel Lanka සමාගම අත්පත් කරගැනීම ඇතුළු දැවැන්ත උපායමාර්ගික ව්යාපාරික තීරණ රැසක් මෙන්ම දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය අඛණ්ඩව දිනාගැනීමට සමත් වීම Dialog සමාගම මෙලෙස ලංකාවේ සමස්ත ව්යාපාරික ක්ෂේත්රයේම ඉහළටම පැමිණීමට සෘජුවම බලපා තිබෙනවා.
මූල්ය දත්ත වාර්තාවලට අනුව මේ වන විට Dialog Axiata සමාගමේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 367ක් (රු. 367,093,366,260.60) දක්වා ඉහළ ගොස් ඇති අතර, JKH සමාගමේ වටිනාකම සටහන් වන්නේ රුපියල් බිලියන 359ක් (රු. 359,368,838,778.60) ලෙසයි. මෙය ප්රතිශතයක් ලෙස ගත්හොත් සමස්ත කොටස් වෙළෙඳපොළ වටිනාකමෙන් 4.51%ක දැවැන්ත කොටසක් Dialog සමාගම සතු කරගනිද්දී, JKH සමාගම සතුව පවතින්නේ 4.42%ක ප්රතිශතයක් පමණි. එමෙන්ම අදාළ දත්ත සටහන් වන අවස්ථාව වන විට Dialog සමාගමක කොටසක මිල රුපියල් 39.90ක් ලෙසත්, JKH සමාගමක කොටසක මිල රුපියල් 20.30ක් ලෙසත් දැකගත හැකියි.
අදාළ මූල්ය වාර්තාවලට අනුව ශ්රී ලංකාවේ වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් හිමි සමාගම් ලැයිස්තුවේ ඉදිරියෙන්ම පසුවන සමාගම් 7 පහතින් දැක්වෙනවා:
(1) Dialog Axiata PLC - රුපියල් බිලියන 367යි
(2) John Keells Holdings PLC - රුපියල් බිලියන 359යි
(3) Ceylon Tobacco Company PLC - රුපියල් බිලියන 341යි
(4) Commercial Bank of Ceylon PLC - රුපියල් බිලියන 320යි
(5) LOLC Holdings PLC - රුපියල් බිලියන 268යි
(6) Distilleries Company of Sri Lanka PLC - රුපියල් බිලියන 261යි
(7) Melstacorp PLC - රුපියල් බිලියන 218යි
Discussion
No comments yet — start the conversation.