Elon Musk unveils flying Tesla Roadster with midair flip stunt and SpaceX thrusters

Elon Musk unveils flying Tesla Roadster with midair flip stunt and SpaceX thrusters


Elon Musk විසින් පියාසර කළ හැකි මෝටර් රථයක් එළිදක්වයි


Tesla සහ SpaceX ඒකාබද්ධව ටෙක්සාස්හි පැවති විශේෂ එළිදැක්වීමකදී, Elon Musk විසින් සිය නවතම Tesla Roadster මෝටර් රථය එළිදක්වා තිබෙනවා. මෙහිදී වාහනය අතිශය ඉහළ වේගයකින් ධාවනය කරමින්, දැවැන්ත වේදිකාවක් මතින් ගුවනට විද, උඩු ගුවනේදී සම්පූර්ණ කරණමක් ගසා කිසිදු හානියකින් තොරව රෝද හතරම මත සාර්ථකව ගොඩබැස්සවීමේ විශ්මයජනක දර්ශනයක් ප්‍රදර්ශනය කළා.  


මෙම නවතම මෝටර් රථය රොකට් තාක්ෂණය ආශ්‍රයෙන් නිපදවූ SpaceX Cold-Gas Thrusters පද්ධතියකින් සමන්විත වන අතර, එමඟින් වාහනයට අවශ්‍ය අධික බලය සහ උඩු ගුවනේදී සමතුලිතතාවය පවත්වා ගැනීම සිදු කරයි. මීට අමතරව වාහනය බිම තද කර තබා ගැනීමට සහ අවශ්‍ය විටෙක බිත්ති මත හෝ උඩුකුරුව ධාවනය කිරීමට හැකි වන පරිදි යටින් ක්‍රියාත්මක වන Multi-Mode Suction සහ Active Aero වායු චූෂණ පද්ධතියක් ද මෙහි අඩංගු වනවා. අමතර SpaceX රොකට් ඔප්ෂන් එකත් සමඟ පැයට කිලෝමීටර 96 ක (0-60 mph) වේගයක් ලබා ගැනීමට තත්පර 1 කටත් වඩා අඩු කාලයක් එනම් තත්පර 0.81 ක කාලයක් පමණක් ප්‍රමාණවත් වීමත්, මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 370 කට (පැයට සැතපුම් 230+) වඩා වැඩි අගයක් ගැනීමත් විශේෂත්වයක්.  


මෙම වාහනයේ නිෂ්පාදන කටයුතු 2028 වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර, මීළඟ මට්ටමේ ධාවන අත්දැකීම් සඳහා මෙහි ‘Flip Mode’ සහ තවත් විශේෂාංග රැසක් ඇතුළත් කර ඇති බව Elon Musk මෙහිදී තහවුරු කළා.