
Apple teams up with LG for massive smart home hardware lineup
Apple සමාගම සිය HomeKit පද්ධතිය සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කරමින් නවතම smart home උපාංග පෙළක් එළිදැක්වීම සඳහා LG Electronics සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇති බව Bloomberg වාර්තා කරනවා. මෙහිදී LG සන්නාමය යටතේ නිකුත් වන උපාංග මෙන්ම Apple විසින්ම සෘජුව නිෂ්පාදනය කරන නව දෘඩාංග ද හඳුන්වා දීමට නියමිතයි.
LG සන්නාමය යටතේ නිකුත් වන උපාංග (LG Hardware):
◉ LG Video Doorbell Wired
◉ LG Smart Deadbolt Lock (ළඟා වන විට ස්වයංක්‍රීයව අගුළු ඇරෙන UWB තාක්ෂණය සහිත)
◉ LG Smart Thermostat
◉ LG Indoor Cam Plug-In
◉ LG Outdoor Cam Plug-In
◉ LG Floodlight Cam
◉ LG Temperature sensor (උෂ්ණත්ව සංවේදකය)
Apple විසින් සෘජුව හඳුන්වා දෙන උපාංග (Apple Hardware):
◉ නව Smart Home Hub (බිත්තියේ සවිකළ හැකි හෝ මේසයක් මත තැබිය හැකි අඟල් 6 ක display එකක් සහිත)
◉ යාවත්කාලීන කළ නව HomePod mini
◉ නව Apple TV set-top box
මෙම LG උපාංගවල නිෂ්පාදන සහ පාරිභෝගික සේවා කටයුතු LG සමාගම භාරයේ පවතින අතර, Apple සමාගම එහි සැලසුම්කරණය සහ ඉංජිනේරු තාක්ෂණය සපයා තිබෙනවා. Wi-Fi, Bluetooth, Thread සහ Matter තාක්ෂණයන්ගෙන් සමන්විත මෙම නිෂ්පාදන පෙළ හරහා Amazon Ring සහ Google Smart Home සමඟ සෘජුව තරග කිරීමට Apple සමාගම සූදානම් වනවා.
ඔක්තෝබර් 13 වනදා පැවැත්වෙන විශේෂ ඉසව්වේදී Apple හි නව උපාංග එළිදැක්වීමට නියමිත අතර, LG නිෂ්පාදන ඉදිරි මාස කිහිපය තුළ වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇති.
Discussion
No comments yet — start the conversation.