
Don’t Breathe 3 officially in the works Stephen Lang set to return
අතිශය ජනප්රිය Don’t Breathe චිත්රපට මාලාවේ 3 චිත්රපටයේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවට නිල වශයෙන් නිවේදනය කරයි.
ලොව පුරා අතිශය ජනප්රියත්වයට පත් horror thriller චිත්රපට මාලාවක් වන Don’t Breathe හි තෙවන කොටස හෙවත් Don’t Breathe 3 නිල වශයෙන් නිර්මාණය කෙරෙන බව අධ්යක්ෂ Fede Álvarez විසින් තහවුරු කර තිබෙනවා. ඇමරිකාවේ Santa Monica හි Aero Theatre හි පිහිටි MUBI Theatre තුළ පැවති Beyond Fest උළෙලේදී, 2016 වසරේ නිකුත් වූ Don’t Breathe මුල් චිත්රපටයේ 10 වන සංවත්සරය සමරන විශේෂ දර්ශනවාරය අතරතුරයි ඔහු මෙම සුවිශේෂී ප්රකාශය සිදුකර ඇත්තේ. මෙහි ඇති විශේෂත්ම කරුණ වන්නේ මුල් චිත්රපටයේ Rocky ලෙස රංගනයෙන් එක්වූ Jane Levy සහ Blind Man හෙවත් Norman Nordstrom ලෙස රංගනයෙන් එක්වූ Stephen Lang යන ප්රධාන තරු යුගලයම යළිත් සිය සුපුරුදු චරිත සඳහා එක්වීමයි.
තමන් විසින් Don’t Breathe 3 සඳහා නව තිර රචනය ලියා අවසන් කර ඇති බවත්, මුල් නිර්මාණයේ කතාව ඉදිරියට ගෙනයමින් මෙම චිත්රපටය නිර්මාණය වන බවත් Fede Álvarez විසින් එහිදී වැඩිදුරටත් අනාවරණය කළා. Don’t Breathe 2 අධ්යක්ෂණය කළ Rodo Sayagues, Dylan Minnette, Jane Levy සහ Stephen Lang යන පිරිසගේ ප්රධානත්වයෙන් පැවති ප්රශ්නෝත්තර සාකච්ඡාවේදී මෙම තොරතුරු හෙළිදරව් වූ අතර, මෙම කතා මාලාව ත්රිත්වයක් හෙවත් trilogy එකක් ලෙස අවසන් කිරීමට තමන් තුළ දැඩි උනන්දුවක් පැවති බව Stephen Lang මීට පෙරද ප්රකාශ කර තිබුණා. මෙම නව නිර්මාණයේ රූගත කිරීම් ඇරඹෙන දිනයක් හෝ එය නිකුත් වන කාලවකවානුවක් මෙතෙක් නිල වශයෙන් ප්රකාශයට පත්කර නොමැත.
Discussion
No comments yet — start the conversation.