Fact Check: Chris Hemsworth has not been cast as Optimus Prime

Fact Check: Chris Hemsworth has not been cast as Optimus Prime

Michael Bay ගේ ඉදිරි Transformers සජීවී ක්‍රියාදාම (live action) චිත්‍රපටයේ Optimus Prime චරිතයට හඬකැවීම සඳහා Chris Hemsworth තෝරාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි.

1980 දශකයේ සිට Optimus Prime චරිතයට අද්විතීය ලෙස හඬකැවූ ප්‍රවීණ හඬනළු Peter Cullen පසුගිය අගෝස්තු 26 වනදා අභාවප්‍රාප්ත වූ අතර, ඊයේ දිනයේ Michael Bay නැවතත් නවතම Transformers චිත්‍රපටයේ අධ්‍යක්ෂණය තෝරාගෙන ඇති බවට නිකුත් වූ පුවතත් සමඟ Chris Hemsworth එම චරිතයට තෝරාගත් බවට 𝕏 හි උපහාසාත්මක (parody) ගිණුමක් වන @ChaosCrave_ මඟින් පළ කළ සටහනක් හරහායි මෙම අසත්‍ය ප්‍රචාරය පැතිර ගොස් ඇත්තේ.

මෙහි සත්‍ය තොරතුරු මෙසේයි:

◉ ප්‍රවීණ හඬනළු Peter Cullen වයස අවුරුදු 85 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු, ඉදිරි live-action චිත්‍රපටයේ Optimus Prime ඇතුළු කිසිදු ප්‍රධාන හඬකැවීම් චරිතයක් සඳහා මෙතෙක් කිසිදු නළුවෙකු තෝරාගෙන නොමැත.

◉ Michael Bay සහ Skydance යටතේ ඇති Paramount සමාගම නව චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් තවමත් පසුවන්නේ මූලික සාකච්ඡා මට්ටමේ පමණි.

◉ Chris Hemsworth විසින් 2024 වසරේ තිරගත වූ Transformers One සජීවිකරණ (animated) චිත්‍රපටයේ Optimus Prime ගේ තරුණ අවධියට (Orion Pax) හඬකැවීම සිදුකළ ද, ඔහු ඉදිරි live-action නිර්මාණයට එක්වන බවට Paramount සමාගම හෝ ඔහුගේ නියෝජිතයින් කිසිදු නිල තහවුරු කිරීමක් සිදුකර නොමැත.

Skydance සමාගම හෝ නිර්මාණ කණ්ඩායම විසින් නිල වශයෙන් නිකුත් නොකරන, සමාජ මාධ්‍යවල පළවන මෙවැනි පදනම් විරහිත උපහාසාත්මක සටහන් පිළිබඳව නොරැවටෙන ලෙසයි ඔබගෙන් ඉල්ලා සිටින්නේ.