Fast & Furious live-action TV series officially greenlit at Peacock

Fast & Furious live-action TV series officially greenlit at Peacock

ජනප්‍රිය Fast & Furious චිත්‍රපට මාලාව පදනම් කරගත් සජීවී-ක්‍රියාදාම රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කරන බවට තහවුරු කරයි.

ජනප්‍රිය Fast & Furious චිත්‍රපට මාලාව පදනම් කරගත් පළමු සජීවී-ක්‍රියාදාම රූපවාහිනී කතාමාලාව නිල වශයෙන් නිර්මාණය කිරීමට Peacock ආයතනය තීරණය කර තිබෙනවා. Universal Television ආයතනයේ නිෂ්පාදනයක් වන මෙහි තිර රචනය මෙන්ම සම ප්‍රධාන විධායක නිෂ්පාදන කටයුතු Mike Daniels සහ Wolfe Coleman විසින් සිදු කිරීමට නියමිතයි.

පසුගිය මැයි මාසයේදී මේ පිළිබඳව මුලින්ම ඉඟි කළ චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළු Vin Diesel ද මීට විධායක නිෂ්පාදකයෙකු ලෙස එක්වන අතර, Sam Vincent, Neal H. Moritz, Pavun Shetty, Jeff Kirschenbaum සහ Chris Morgan ද නිෂ්පාදනයෙන් ඊට දායක වනවා.

මෙම නව රූපවාහිනී කතාමාලාව 2028 වසරේදී විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට සමගාමීව මෙම චිත්‍රපට මාලාවේ 11 වන සහ අවසන් චිත්‍රපටය වන Fast Forever ද 2028 මාර්තු 17 වනදා තිරගත කිරීමට නියමිතයි. පසුගිය වසර 25 ක කාලය තුළ Fast & Furious චිත්‍රපට මාලාව ලොව පුරා ඩොලර් බිලියන 7 කට අධික ආදායමක් උපයාගැනීමට සමත් වී තිබෙනවා.

මෙහි කතාව, නිල නාමය හෝ රංගන ශිල්පීන් පිළිබඳව මෙතෙක් නිවේදනය කර නැහැ. චරිතවලට හානියක් නොවන පරිදි සහ එහි පවුල යන සංකල්පය ආරක්ෂා වන පරිදි මෙය රූපවාහිනියට ගෙන ඒම ප්‍රේක්ෂකයින්ගේ ද දිගු කාලීන බලාපොරොත්තුවක් වූ බවයි Vin Diesel පෙන්වා දෙන්නේ. මීට පෙර Fast & Furious Spy Racers නමින් සජීවිකරණ කතාමාලාවක් නිකුත් වී තිබුණත්, මෙය ඔවුන්ගේ පළමු සජීවී ක්‍රියාදාම රූපවාහිනී නිර්මාණය වීම විශේෂත්වයක්. මීට අමතරව තවත් Fast & Furious කතාමාලා තුනක් ද Peacock ආයතනය යටතේ මූලික සැලසුම් මට්ටමේ පවතින බව වැඩිදුරටත් වාර්තා වනවා.