Live-action Clone Saga TV series in the works based on Spider-Man comics

Live-action Clone Saga TV series in the works based on Spider-Man comics

අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක Clone Saga චිත්‍ර කතාව ඇසුරෙන් නවතම සජීවි-ක්‍රියාදාම කතාමාලාවක් නිර්මාණය කරන බවට නිවේදනය කරයි.

Sony Pictures සමාගමට අයත් Marvel චරිත විශ්වය පාදක කරගනිමින්, Marvel Comics හි අතිශය ජනප්‍රිය මෙන්ම ආන්දෝලනාත්මක Clone Saga කතාන්දරය ඇසුරින් නවතම සජීවි-ක්‍රියාදාම කතාමාලාවක් නිෂ්පාදනය කිරීමට Prime Video ආයතනය මේ වන විට සූදානම් වනවා. American Born Chinese කතාමාලාවේ රචක Kelvin Yu විසින් තිර රචනය සිදුකරන මෙම කතාමාලාව, Peter Parker ගේ ක්ලෝන පිටපත් දෙකක් වන Ben Reilly සහ Kaine Parker වටා ගෙතෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කොමික් කතාන්දරයට අනුව Ben Reilly යනු Scarlet Spider නමින් පෙනී සිටින වඩාත් සාර්ථක ක්ලෝන පිටපතක් වන අතර, Kaine Parker යනු Spider-Man ක්ලෝන කිරීමේ පළමු අසාර්ථක උත්සාහයයි. තමන් ක්ලෝන පිටපත් බව අලුතින්ම දැනගන්නා මොවුන් දෙදෙනාට සිය අනන්‍යතාවයන් සමඟ ගැටෙමින් වෙනත් ක්ලෝන පිටපත්වලට ද මුහුණ දීමට සිදුවන ආකාරය මෙම කතාමාලාව ඔස්සේ නිරූපණය කිරීමට නියමිත අතර, එහිදී Spidercide වැනි දුෂ්ට චරිත ද දැකගැනීමට හැකිවනු ඇති. කෙසේ වෙතත්, මෙම කතාමාලාව කොමික් කතාන්දරයෙන් යම්තාක් දුරකට වෙනස් වීමට ඉඩ ඇති බවත්, ඔවුන්ගේ ආරම්භය සහ අනන්‍යතාවයන් මීට වඩා වෙනස් වනු ඇති බවත් තොරතුරු වාර්තා වනවා.

1990 දශකයේදී නිකුත් වූ මූලික Clone Saga කොමික් කතාන්දරය, Jackal ගේ කුමන්ත්‍රණ සහ Ben Reilly සැබෑ Spider-Man ලෙස ප්‍රකාශයට පත් කිරීම වැනි සිදුවීම් හේතුවෙන් රසිකයින් අතර දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කතාන්දරයක් වනවා. ප්‍රධාන MCU චිත්‍රපටවලින් පරිබාහිරව Spider-Man කතාන්දරයට නව ප්‍රවේශයක් ලබා දෙන මෙම ව්‍යාපෘතිය, එක් කතාසමයකින් පසුව අවලංගු කෙරුණු Nicolas Cage ගේ Spider-Noir කතාමාලාවෙන් පසුව Sony Pictures Television සහ Amazon MGM Studios අතර ඇති කරගත් ගිවිසුම යටතේ නිෂ්පාදනය වන මීළඟ නිර්මාණයයි.

Spider-Noir කතාමාලාවේ විධායක නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කළ Amy Pascal, Phil Lord සහ Christopher Miller ද Kelvin Yu සමඟින් මෙම නව කතාමාලාවේ විධායක නිෂ්පාදනය සඳහා එක්වීමට නියමිතයි. මෙය ප්‍රථමයෙන් MGM+ වේදිකාව හරහා ද, ඉන් අනතුරුව Prime Video හරහා ද ප්‍රදර්ශනය කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.