Marvel’s VisionQuest first two episodes now streaming on Disney+

Marvel’s VisionQuest first two episodes now streaming on Disney+

Marvel Television හි නවතම VisionQuest කතාමාලාවේ පළමු කථාංග දෙක මේ වන විට Disney+ හරහා අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. කථාංග 8 කින් සමන්විත මෙම කතාමාලාව සැලසුම් කළ දිනට වඩා දිනක් කලින්, එනම් ඔක්තෝබර් 13 වැනිදා අමෙරිකාවේදී සහ අද (ඔක්තෝබර් 14) නිකුත් කිරීම විශේෂත්වයක්.


Paul Bettany විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි කතාව ගෙතී ඇත්තේ WandaVision සිදුවීම්වලින් වසර ගණනාවකට පසු White Vision සිය අනන්‍යතාවය සොයා යන ගමන වටායි. මෙහිදී ඔහුගේ මනස තුළ ඇති F.R.I.D.A.Y., E.D.I.T.H., J.A.R.V.I.S. සහ Ultron (James Spader විසින් හඬ කවන) වැනි AI වැඩසටහන් සමඟ ඔහු සම්බන්ධ වන ආකාරය නිරූපණය වනවා. තමාගේ සහ Wanda Maximoff ගේ පුතුගේ පුනරුත්පත්තියක් යැයි සැලකෙන Thomas Shepard (Ruaridh Mollica) නමැති තරුණයා සමඟ එක්ව ඔහුට එල්ල වන තර්ජනවලින් බේරී පලා යන ආකාරය මෙම කතාමාලාවෙන් දැකගත හැකියි.


Marvel Cinematic Universe හි Phase Six අදියරට අයත් VisionQuest කතාමාලාව, WandaVision (2021) සහ Agatha All Along (2024) හරහා ආරම්භ වූ Westview trilogy හි අවසන් පරිච්ඡේදය ලෙසයි සැලකෙන්නේ. Terry Matalas විසින් නිර්මාණය කළ මෙහි මුල් කථාංග සඳහා මේ වන විට විචාරකයින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවෙමින් පවතින අතර, විශේෂයෙන්ම Paul Bettany සහ James Spader අතර වන දෙබස් ඔවුන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. මෙහි ඉතිරි කථාංග 6 ලබන නොවැම්බර් 10 වැනිදා දක්වා සතිපතා නිකුත් කිරීමට නියමිතයි.