
Finally, the most-awaited GTA VI has been released!
දශකයකට අධික කාලයක දැඩි බලාපොරොත්තුවලින් අනතුරුව Rockstar Games හි Grand Theft Auto VI හෙවත් GTA 6 ක්‍රීඩාව ලොව පුරා නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. වසර 13 ක දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය කෙරුණු මෙම ක්‍රීඩාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක අතිවිශාල පිරිවැයක් තිබෙනවා. ඒ අනුව මෙය ලෝක ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කළ විනෝදාස්වාද නිර්මාණය ලෙසද වාර්තා අතරට එක්වනවා.
PlayStation 5 සහ Xbox Series X|S සඳහා නිකුත් වූ මෙය, 2026 නොවැම්බර් 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලොව පුරා එක් එක් කලාපවලට අනුව ක්‍රීඩා කිරීමට විවෘත වුණා. කාල කලාපයන්ට අනුව නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ට ප්‍රථමයෙන් මෙය අත්හදා බැලීමට අවස්ථාව හිමි වූ අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ ක්‍රීඩකයින්ට මධ්‍යම රාත්‍රී 12 වන විට ක්‍රීඩාවට පිවිසීමේ අවස්ථාව උදා වීමට නියමිතයි.
මෙහි Standard Edition ඩොලර් 79.99 කට සහ Ultimate Edition ඩොලර් 99.99 කට මිල කර ඇති අතර, ක්‍රීඩාව install කිරීම සඳහා 200 GB කට අධික ධාරිතාවක් අවශ්‍ය වනවා.
Leonida ප්‍රාන්තය සහ එහි හදවත බඳු Vice City නගරය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති මෙහි ප්‍රධාන චරිත ලෙස Jason Duval සහ Lucia Caminos කටයුතු කරනවා. දැනට සම්භාව්‍ය single-player අත්දැකීම පමණක් ක්‍රීඩකයින්ට හිමිව ඇති අතර, එහි online මාදිලිය පසුව නිකුත් කිරීමට නියමිතයි. GTA V ක්‍රීඩාවෙන් පසුව වසර ගණනාවක් බලා සිටි ලොව පුරා මිලියන ගණනක් වූ ක්‍රීඩකයින් මේ වන විටත් Rockstar හි නවතම අපරාධ ලෝකය තුළ සිය ගවේෂණයන් ආරම්භ කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.