
GTA 6 launch breaks internet traffic records with 33.03 Tbit/s peak
Grand Theft Auto VI (GTA 6) වීඩියෝ ක්‍රීඩාව නිකුත් වීමත් සමඟ ගෝලීය අන්තර්ජාල දත්ත හුවමාරුවේ නව වාර්තාවක් බිහි වී තිබෙනවා. DE-CIX ආයතනය මෙහෙයවන ගෝලීය අන්තර්ජාල හුවමාරු (Internet Exchanges) හරහා නොවැම්බර් 18 වනදා සවස තත්පරයට ටෙරාබිට් 33.03 ක (33.03 Tbit/s) දත්ත ප්‍රවාහයක් වාර්තා වී ඇති බවයි එම සමාගම නිවේදනය කරන්නේ. මෙය 2025 දෙසැම්බර් මාසයේදී එම ජාලය තුළ පිහිටුවා තිබූ තත්පරයට ටෙරාබිට් 26.99 ක පෙර වාර්තාව අභිබවා යාමක්.
යුරෝපයේ විශාලතම අන්තර්ජාල හුවමාරුව වන DE-CIX Frankfurt හි දත්ත ප්‍රවාහය 22.15 Tbit/s දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රීඩාවේ pre-downloads ආරම්භ වූ නොවැම්බර් 10 වනදා එහි 22.30 Tbit/s ක උපරිමයක් වාර්තා වී තිබුණා. සමස්තයක් ලෙස GTA 6 නිකුත් වීම ආශ්රිත කාලසීමාව තුළ අන්තර්ජාල භාවිතය 2026 වසර ආරම්භයේ සාමාන්‍ය සතියකට වඩා 25% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
PlayStation 5 සහ Xbox Series X|S සඳහා නිකුත් වූ මෙම ක්‍රීඩාවේ download ප්‍රමාණය 210–212 GB පමණ වනවා. Frankfurt හි pre-load උපරිම අවස්ථාවේදී සෑම තත්පරයකටම ක්‍රීඩාවේ සම්පූර්ණ පිටපත් 13 ක් පමණ බාගත වීමට සමාන දත්ත ප්‍රමාණයක් හුවමාරු වී තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කරන විටත් ක්‍රීඩාවේ ඩිජිටල් පිටපත් මිලියන 17 කට අධික සංඛ්‍යාවක් නිකුත් වී ඇති බවයි DE-CIX සඳහන් කරන්නේ.
මිලියන ගණනක් ක්‍රීඩකයින්ට මෙය download බොත්තම එබීමක් පමණක් වුවත්, ඒ පිටුපස ඇති ඩිජිටල් යටිතල පහසුකම්වලට එය දැවැන්ත දත්ත ප්‍රමාණයක් විශ්වාසදායක ලෙස හැසිරවීමේ කාර්යයක් බව DE-CIX හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී Dr. Thomas King පවසා තිබෙනවා. DE-CIX පමණක් නොව, එක්සත් රාජධානියේ BT සහ EE මෙන්ම ඕස්ට්‍රේලියාවේ NBN Co (36.54 Tbps) වැනි අන්තර්ජාල සේවා සපයන්නන් ද මෙම කාලය තුළ වාර්තාගත අන්තර්ජාල භාවිතයක් වාර්තා කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.