
Game of Thrones star Emilia Clarke presents in High Valyrian at the 78th Primetime Emmy Awards
ඊයේ පැවති 78 වන Emmy Awards සම්මාන උළෙලේදී Game of Thrones නිළි Emilia Clarke විසින් High Valyrian භාෂාවෙන් නිවේදන කටයුතු සිදු කරයි.
ඊයේ රාත්‍රියේ පැවති 78 වන Primetime Emmy Awards සම්මාන උළෙලේදී Game of Thrones නිළි Emilia Clarke විසින් High Valyrian භාෂාවෙන් නිවේදන කටයුතු සිදු කිරීමට යෙදුනා. Game of Thrones රසිකයින්ට අතිශය සුන්දර මතකයන් ගෙන දෙමින්, එකම Targaryen පරම්පරාවේ යුග දෙකක් නියෝජනය කරන Emilia Clarke සහ Emma D’Arcy එකට දැකගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙහිදී උදා වූ අතර, Los Angeles හි Peacock Theater හිදී පැවති මෙම සම්මාන උළෙලේදී ඔවුන් දෙදෙනා එක්ව සීමිත කතා මාලාවක හෝ චිත්‍රපටයක හොඳම ප්‍රධාන නිළියට හිමි සම්මානය ප්‍රදානය කිරීම සඳහා වේදිකාවට පිවිසියා. එම සම්මානය Remarkably Bright Creatures හි රංගනය වෙනුවෙන් Sally Field හට හිමි වුණා.
Game of Thrones කතා මාලාවේ Daenerys Targaryen ලෙස රංගනයෙන් දායක වූ Emilia Clarke සහ එහි පූර්ව කතා මාලාව වන House of the Dragon හි Rhaenyra Targaryen ලෙස රංගනයෙන් දායක වන Emma D’Arcy මෙලෙස වේදිකාවට පිවිසීමෙන් අනතුරුව, ඔවුන්ගේ චරිත අතර පවතින ඥාති සබඳතාවය පිළිබඳව ද සිහිපත් කළා. Game of Thrones විශ්වයට අනුව Emilia Clarke යනු තම මීමුණුබුරියගේත් මීමුණුබුරියක් බව පවසමින් Emma D’Arcy එහිදී අපූරු විහිළුවක් ද සිදු කළා. ඉන් අනතුරුව ඔවුන්ගේ සම්ප්‍රදායික උරුමය සිහිපත් කරමින්, අදාළ සම්මානය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම Emilia Clarke විසින් එම කතා මාලාවන් සඳහාම නිර්මාණය කළ High Valyrian භාෂාවෙන් දිගු ප්‍රකාශයක් සිදු කළා. නමුත් එය හුදෙක් සුබ සැන්දෑවක් යන අර්ථය පමණක් ගෙන දෙන බවට Emma D’Arcy විසින් සිනහමුසු මුහුණින් යුතුව පරිවර්තනය කිරීමත් සමඟ ප්‍රේක්ෂකාගාරය දැඩි ලෙස සිනහවට පත්වුණා.
මෙම අපූරු අවස්ථාවට ප්‍රේක්ෂකාගාරයේ සිටි Game of Thrones සම නිර්මාතෘ David Benioff ද සිනහමුසු මුහුණින් ප්‍රතිචාර දක්වන අයුරු කැමරා කාචවල සටහන්ව තිබුණා. House of the Dragon හි 3 වන කතා සමය මෑතකදී විකාශය වුවත්, නියමිත කාල සීමාවට අයත් නොවීම හේතුවෙන් මෙවර සම්මාන උළෙල සඳහා එය නිර්දේශ වී තිබුණේ නැහැ. මීට පෙර Daenerys ගේ චරිතය වෙනුවෙන් Emilia Clarke කිහිප වතාවක්ම Emmy සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර, Rhaenyra ගේ චරිතය වෙනුවෙන් Emma D’Arcy ද Golden Globe සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. සම්මාන උළෙල අතරතුර Westeros ලෝකයට ප්‍රේක්ෂකයින්ව රැගෙන ගිය මෙම සුන්දර Targaryen හමුවීම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
Discussion
No comments yet — start the conversation.