
Vijay Sethupathi to make history as first Indian presenter at International Emmy Awards
54 වැනි ජාත්‍යන්තර එමී සම්මාන උළෙලේදී (International Emmy Awards) සම්මානයක් ප්රදානය කිරීම සඳහා දමිළ සිනමා නළු විජේ සේතුපති සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව මෙම ජාත්‍යන්තර සම්මාන උළෙලකදී සම්මානයක් ප්රදානය කරන ප්‍රථම ඉන්දීය රංගන ශිල්පියා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති. මෙම සම්මාන උළෙල එළඹෙන නොවැම්බර් 23 වනදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙනවා.
ජාත්‍යන්තර රූපවාහිනී කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකාවක් වන කවිතා ගුප්තා විසින් ඔහුගේ මෙම සහභාගීත්වය වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. මීට පෙර 2024 වසරේදී වීර් දාස් ව මෙම සම්මාන උළෙලේ ප්‍රථම ඉන්දීය නිවේදකයා ලෙස සම්බන්ධ කර ගැනීමට ද ඇය විශේෂ කාර්යභාරයක් ඉටු කළා. 2016 වසරේදී ප්‍රියංකා චොප්රා ඇමරිකානු Primetime Emmy සම්මාන උළෙලේදී සම්මානයක් ප්රදානය කර තිබුණත්, ජාත්‍යන්තර එමී උළෙලක් සඳහා ඉන්දීය නළුවෙකු මෙලෙස එක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මෙවර සම්මාන උළෙල සඳහා ඉන්දියාව නියෝජනය කරමින් නිර්මාණ දෙකක් ද නිර්දේශ වී තිබෙනවා. ඒ හොඳම නාට්‍යමය කතාමාලාව කාණ්ඩය යටතේ SonyLIV හි Real Kashmir Football Club සහ හොඳම ප්‍රහසන කාණ්ඩය යටතේ Netflix හි Vir Das: Fool Volume යන නිර්මාණයි. මෑතකදී අතිශය සාර්ථක වූ Baththa දමිළ චිත්‍රපටයෙන් ද විජේ සේතුපති ප්‍රේක්ෂකයින් හමුවට පැමිණියා.
Discussion
No comments yet — start the conversation.