GTA VI officially releases on November 19th.

GTA VI officially releases on November 19th.

වසර දහයක නිහඬතාවය බිඳිමින් ROCKSTAR සමාගම විසින් ඉතිහාසයේ වැඩිම පෙර-ඇණවුම් මිලියන 9 ක් වාර්තා කළ GTA VI ක්‍රීඩාව නොවැම්බර් 19 නිල වශයෙන් නිකුත් කරයි

මතකනේ පහුගිය ඔක්තෝබර් 28 වෙනිදා මම GTA VI ගැන දාපු ලිපිය? එදා අපි කතා කළේ launch එකට තව දවස් 22 ක් තියෙද්දී අපි ඉස්සරහට එන්න තියෙන දේවල් සහ leaks ගැනනේ. හැබැයි අද, ඒ කියන්නේ නොවැම්බර් 17 වෙනකොට අපි ඉන්නේ GTA VI එළියට එන්න හරියටම පැය 48 කටත් අඩු දුරකින්! එදා ලිපිය ලියද්දී අපි බලාගෙන හිටපු ඔක්තෝබර් 29 Edge Magazine එකේ විශේෂ කලාපය, නොවැම්බර් 9 තිබුණ Take-Two earnings call එක, pre-load පටන් ගත්තාම බලාගන්න හිටපු නිල file size එක වගේම අලුත්ම PlayStation 5 Features Trailer එකත් දැන් එළියට ඇවිත් ඉවරයි. ඉතින් මේ අන්තිම පැය කීපයේදී, එදා අපිට තිබුණ ප්‍රශ්නවලට දැන් ලැබිලා තියෙන නිල උත්තර මොනවද කියලා හරියටම බලමු.

මුලින්ම එදා අපි ලොකුවටම ඇහැ ගහගෙන හිටපු නොවැම්බර් 9 Take-Two earnings call එක ගැන කතා කරමු. අපි හිතුවා වගේම කිසිම බාධාවක් නැතුව මේ බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ නොවැම්බර් 19 වෙනිදා game එක එන බව එතැනදී සියයට සියයක්ම තහවුරු වුණා. හැබැයි එතැනදී එළියට ආපු ලොකුම ආරංචිය ඒක නෙවෙයි. මේ වෙනකොට GTA VI pre-orders මිලියන 9 සීමාව පහු කරලා, video game ඉතිහාසයේ වැඩිම pre-orders ප්‍රමාණයක් වාර්තා කරපු game එක බවට පත්වෙලා ඉවරයි! ඒ විතරක් නෙවෙයි, මේ නොවැම්බර් මාසේ ඇතුළත PS5 console අලෙවිය සියයට 22 කින් ඉහළ යන්නත් මේක කෙලින්ම බලපාලා තියෙනවා. අනිත් පැත්තෙන් පරණ console තියෙන අයට පොඩි සුබ ආරංචියකුත් ආවා ඒ තමයි Xbox Cloud Gaming හරහා Xbox One පාවිච්චි කරන අයටත් මේක play කරන්න අවස්ථාව ලැබෙන එක. හැබැයි ඉතින් PC gamers ලාට නම් තාමත් නිල release date එකක් ගැන කිසිම සඳහනක් නෑ.

එදා ලිපියේදී මම කිව්වනේ game එක unlock වෙන වෙලාවයි, අර 210 GB leak එකයි ගැන නිල තොරතුරක් එනකන් ඉමු කියලා. දැන් ඒ දෙකම පැහැදිලියි. මේ පාර කිසිම edition එකකට වෙනම සල්ලි ගෙවලා කලින් ගහන්න පුළුවන් Early Access එකක් ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ඔයාගේ store region එකට අදාළව නොවැම්බර් 19 මධ්‍යම රාත්‍රී 12 වෙද්දී game එක unlock වෙනවා. ඒ කියන්නේ time zone එක අනුව ලෝකේ මුලින්ම නීත්‍යානුකූලව GTA VI ගහන්න වාසනාව ලැබෙන්නේ New Zealand සහ Australia වල ඉන්න අයටයි.

එතකොට අර 210 GB කතාවට මොකද වුණේ? පහුගිය සතියේ pre-load පහසුකම විවෘත වුණාට පස්සේ ඒ leak එක හරියටම හරි කියලා ඔප්පු වුණා. ඇත්තටම game එකට 212 GB දක්වා දැවැන්ත storage ඉඩක් ඕන වෙනවා. එදා මම කිව්වා වගේ කලින්ම SSD එකේ ඉඩ හදාගත්ත අයට නම් දැන් ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති.

දැන් එමු රසවත්ම කොටසට. ඔක්තෝබර් 29 එළියට ආපු Edge Magazine එකේදී Rockstar North co-studio head වෙන Rob Nelson කතා කරපු දේවල් සහ පහුගිය දවස්වල ආපු trailers දිහා බැලුවම, මේ පාර gameplay එක අපි හිතුවටත් වඩා සෑහෙන්න ගැඹුරුයි. Jason Duval සහ Lucia Caminos අතරේ මාරු වෙන එක කොච්චර සුමටද කියනවා නම්, එක තැනකදී Lucia අහසේ BASE jump එකක් කරන ගමන් ඉද්දී එකපාරටම map එකේ වෙන කොනක ඉන්න Jason ගේ perspective එකට කිසිම loading එකක් නැතුව මාරු වෙන හැටි පෙන්නුවා. ඒ වගේම මේ දෙන්නා අතරේ තියෙන බැඳීම තීරණය වෙන Relationship System එකක් වගේම, ඔයා අපරාධ කරද්දී නිකන්ම පිස්සෙක් වගේ හැමෝටම වෙඩි තියාගෙන යනවද, නැත්නම් මොළේ පාවිච්චි කරලා සැලසුම් සහගතව වැඩ කරනවද කියන එක වෙන වෙනම මනින Criminal Profile system එකකුත් මේකට දාලා තියෙනවා.

Rob Nelson කියපු තවත් පුදුම හිතෙන දෙයක් තමයි game එකේ තියෙන පොඩිම දේවල්වලට පවා දීලා තියෙන අවධානය. උදාහරණයකට Jason සහ Lucia ඉන්න safehouse එක ඇතුළේදී උදේට කෝපි බීලා ඉවර වුණාම ඒ mug එක නිකන්ම බිම අතහරින්න බෑ ඒක හරියටම මේසයක් හරි ඒ වගේ තියන්න පුළුවන් තැනකට හරි ගිහින් තියන්නම ඕනේ.

වාහන හොරකම් කරන එක සහ මංකොල්ලකෑම් කරන එකත් මේ පාර සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පාරේ තියෙන පරණ සාමාන්‍ය කාර් එකක් වෙනදා වගේ ලේසියෙන් කඩාගෙන යන්න පුළුවන් වුණාට, අලුත් සුපිරි වාහනයක් (luxury vehicle) උස්සන්න නම් ඔයා ළඟ digital key cloner එකක් තියෙන්නම ඕනේ. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ වාහනවල තියෙන GPS tracker එක නිසා පොලිසියට ඔයා යන තැන ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. Robbery එකකට යද්දී වුණත් සද්ද නැතුව දොරවල් අරින්න snap gun එකක් පාවිච්චි කරන්න, වටේ තියෙන security cameras සහ alarms කලින්ම අක්‍රිය කරන්න වගේ දේවල් ගැන හිතන්න වෙනවා.

පොලිසියෙන් බේරෙන එක ගැන කතා කළොත්, ගොඩක් අය ඉල්ලපු 6-Star Wanted Level එක මේ පාර ආයෙත් ඇවිත් තියෙනවා! හැබැයි ඉස්සර වගේ පොලිසියට පේන්නේ නැති තැනක තත්පර ගාණක් හැංගිලා හිටියා කියලා මේ පාර බේරෙන්න වෙන්නේ නෑ. පොලිසියෙන් ඔයාව හොයන්නේ ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම්, පෙනුම, යන වාහනය සහ Jason හා Lucia දෙන්නම එකටද ඉන්නේ කියන සාධක ඔක්කොම මතක තියාගෙනයි. ඒ නිසා පොලිසියෙන් ගැලවෙන්න නම් වෙස්වළාගන්න (disguises පාවිච්චි කරන්න) වගේම පොලිසිය අඳුරගත්ත වාහන අතරමග දාලා යන්නත් සිද්ධ වෙනවා. වෙඩි හුවමාරුවක් යද්දී හතුරන්ට ඔළුව උස්සන්න නොදී නවත්තගන්න suppressive fire පාවිච්චි කරන්නත් මේ පාර පුළුවන්.

හැබැයි ඉතින් මේ ඔක්කොම හොඳ දේවල් අස්සේ තාක්ෂණික පැත්තෙන් පොඩි දුක හිතෙන කාරණා දෙකකුත් නිල වශයෙන්ම දැනගන්න ලැබුණා. පළවෙනි එක තමයි, third-person animations වල ගුණාත්මකභාවය උපරිමයෙන්ම තියාගන්න ඕන නිසා launch වෙන දවසේදී වෙනම First-Person Mode එකක් මේකට ලැබෙන්නේ නෑ (සමහර තුවක්කු වලින් aim කරන වෙලාවට විතරයි first-person පේන්නේ). දෙවෙනි කාරණය තමයි frame rate එක. පහුගිය දවස්වල ආපු PlayStation 5 Features Trailer එකෙන් පෙන්නුවා PS5 Pro එකේදී PlayStation Spectral Super Resolution (PSSR), ray-traced shadows සහ DualSense controller එකේ සුපිරිම haptic feedback අත්දැකීමක් ලැබෙනවා කියලා. හැබැයි කොච්චර ලස්සනට පෙනුණත්, සාමාන්‍ය console වල වගේම PS5 Pro එකේදීත් game එක run වෙන්නේ 30fps වලට සීමා වෙලයි.

කොහොම වුණත් පැය 50 කට කිට්ටු ප්‍රධාන කතාවක් සහ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පැය 200 ක් විතර යන මේ දැවැන්ත ලෝකය ඇතුළට යන්න දැන් තියෙන්නේ පැය ගාණක් විතරයි. අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සේ අපි බලාගෙන හිටපු ඒ දවස අන්තිමට උදා වෙන්නයි යන්නේ.

එහෙනම් කට්ටිය කියාගෙන යමු බලන්න ඔයාලා මේ වෙනකොටත් අර 212 GB pre-load එක දාගෙන බ්‍රහස්පතින්දා රෑ 12 වෙනකන් ඇඟිලි ගැන ගැනද ඉන්නේ? Game එකට ගිය ගමන් Vice City වල මුලින්ම කරන්න හිතාගෙන ඉන්න දේ මොකක්ද?