GTA VI: Spoiler Free Sinhala Review

GTA VI: Spoiler Free Sinhala Review

පහුගිය නොවැම්බර් 17 වෙනිදා මම දාපු ලිපියේදී අපි කතා කළානේ GTA VI එළියට එන්න තව පැය 48 කටත් අඩුයි, අර 212 GB pre-load එකත් දාගෙන ඇඟිලි ගැන ගැන ඉන්න වෙලාව කියලා. ඔන්න අද, ඒ කියන්නේ නොවැම්බර් 19 වෙනිදා නිල වශයෙන්ම Grand Theft Auto VI අපේ අතට ඇවිත් ඉවරයි! මේ වෙනකොටත් YouTube එකයි, Facebook එකයි, X එකයි හැමතැනම spoilers වලින් පිරෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් කතාවේ එක තැනක්වත් spoil නොකර, පහුගිය 17 වෙනිදා අපි බලාපොරොත්තු වුණු දේවල් ඇත්තටම game එක ඇතුළේ කොයි විදිහට වැඩ කරනවද, පරණ GTA වලින් මොනවද වෙනස් වෙලා තියෙන්නේ, මේකේ තියෙන bugs සහ අඩුපාඩු මොනවද, ඒ වගේම play කරන්න පටන් ගන්න කලින් හදාගන්න ඕනේ වැදගත් settings ටික මොනවද කියලා අද ටිකක් නිවීහැනහිල්ලේ කතා කරමු.

කලින් ලිපියේදී මම කිව්වනේ main story එක පැය 50 ක් විතර සහ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පැය 200 ක් විතර යනවා කියලා. ඇත්තටම game එක ඇතුළට ගියාම ඒක නිකන්ම කියපු කතාවක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා. පැය 100 ක් 120 ක් සෙල්ලම් කරලා ප්‍රධාන කතාවේ credits යනකන් ආවත්, මුළු map එකෙන් තාම අඩියක්වත් තියලා නැති විශාල පැති ගොඩක් ඉතුරු වෙනවා. හැබැයි මම මේකේ වැඩියෙන්ම කැමති වුණේ GTA VI එකපාරටම අපිව ලොකු වෙඩි තියාගැනිල්ලක් මැද්දට අතාරින්නේ නැති එකටයි. Chapter 1 එකේ මුල් පැය කීපය ගොඩක්ම යන්නේ Jason Duval එක්ක. Lucia Caminos ප්‍රධාන කතාවට ආයෙත් එන්නත් කලින්, අඩුම තරමේ Vice City ඇතුළට යන්නත් කලින්, Leonida Keys වල තියෙන නිස්කලංක පරිසරයේ Jason ගේ සාමාන්‍ය වැඩ ටිකත් එක්ක game එකේ හැම system එකක්ම හෙමින් සැරේ අපිට හුරු කරනවා.

ඒ මුල් පැය කීපය ඇතුළේම කරන්න තියෙන පොඩි පොඩි දේවල් ටික දැක්කම පුදුම හිතෙනවා. ගෙදර තෙමෙන වහලේ හදන එක, මාළු අල්ලන එක, pool ගහන එක, වෙරළේ හිරවුණු බෝට්ටුවක් ආපහු වතුරට තල්ලු කරන එක වගේ දේවල් පවා මෙතැන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, Jason ගේ ගෙදර තියෙන PlayStation වගේ console එකේ play කරන්න පුළුවන් mini-games තුනක් තියෙනවා, ළඟ තියෙන bar එකේ පරණ Buck Hunter style arcade machine එකකුත් තියෙනවා. සරලවම කිව්වොත්, මේක නිකන්ම ලස්සනට ඇඳලා තියපු background එකක් නෙවෙයි, ඇත්තටම මිනිස්සු ජීවත් වෙන ලෝකයක් ඇතුළට ගියා වගේ හැඟීමක් තමයි එන්නේ.

හරි, දැන් කතාව සහ චරිත පැත්තට හැරෙමු. පහුගිය අවුරුදු 13 ඇතුළේ Rockstar ලාගේ writing මට්ටම කොච්චර පරිණත වෙලාද කියන එක මේකෙන් හොඳටම පේනවා. පරණ GTA වල වගේ කාගෙන් හරි පළිගන්න හරි, ලොකු පාතාල අධිරාජ්‍යයක් හදන්න හරි දඟලනවට වඩා, Jason Duval සහ Lucia Caminos දෙන්නා මේ උත්සාහ කරන්නේ තමන් වැටුණු අමාරුවෙන් කොහොම හරි පණ බේරගෙන ගැලවිලා යන්නයි. මුළු කතාවම ගලාගෙන යන්නේ සුපිරි TV series එකක seasons හතර පහක් බලනවා වගේ. Red Dead Redemption 2 එකේ තිබුණ ඒ ගැඹුරු ගතිය මෙතැනටත් හොඳටම ඇවිත් තියෙනවා. Jason කියන්නේ වැඩිය කතා නැති, ටිකක් ගුප්ත හිටපු හමුදා සෙබළෙක්. එයාගේ හැසිරීම ගොඩක් වෙලාවට අපිට Arthur Morgan ව මතක් කරනවා. අනිත් පැත්තෙන් Lucia කියන්නේ කෙළින් කතා කරන, ශක්තිමත්, හැබැයි අනවශ්‍ය විදිහට නපුරු නැති හරිම ස්වාභාවික චරිතයක්. ඇත්තම කිව්වොත් GTA ඉතිහාසයේ මෙතෙක් ආපු හොඳම කාන්තා ප්‍රධාන චරිතය ඇය තමයි. ඒ වගේම කලින් ලිපියේදී අපි කතා කරපු Criminal Profile system එකත් මේක ඇතුළේ හොඳටම වැඩ කරනවා. ඔයා පිස්සෙක් වගේ හැමෝටම වෙඩි තියාගෙන යනවට වඩා, stealth පාවිච්චි කරලා, පොලිස් වාහනවල ටයර්වලට විතරක් වෙඩි තියලා, සාමාන්‍ය මිනිස්සුන්ට කරදරයක් නොවී වැඩේ කරගෙන ගියොත් මුළු කතාව පුරාම professional criminal rating එකක් තියාගන්න පුළුවන්.

මේ Jason සහ Lucia ගේ Relationship System එක ගැන කතා කරද්දීම කියන්න ඕනේ, GTA ඉතිහාසයේ පළවෙනි වතාවට වුණු ලොකුම වෙනසක් තියෙනවා. මතකනේ GTA III එකේ ඉඳන් පහුගිය හැම ප්‍රධාන GTA game එකකම වගේ අනිවාර්ය අංගයක් වෙලා තිබුණු, පාරේ ඉන්න ගණිකාවන් (sex workers) වාහනේට නග්ගගන්න පුළුවන් scene එක. හැබැයි මේ පාර GTA VI වලින් ඒ mechanic එක සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ GTA සෙල්ලම් කරපු පරණ fans ලාට මේක එකපාරටම ටිකක් අමුතුයි වගේ දැනෙන්න පුළුවන්. හැබැයි කතාව ඇතුළට යද්දී Rockstar ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ කියලා හොඳටම තේරෙනවා. කලින් games වල හිටපු තනිකඩ, කාටවත් බැඳීමක් නැති චරිත වගේ නෙවෙයි, මෙතැන මුළු කතාවෙම හදවත වෙලා තියෙන්නේ Jason සහ Lucia අතර තියෙන ආදරය සහ විශ්වාසයයි. ඒ වගේ ගැඹුරු couple dynamic එකක් උඩ යන game එකකට අර පරණ ගණිකා scenes ටික කොහොමත් ගැළපෙන්නේ නෑනේ. පරණ clichés ටික ඔහේ ආයෙත් දානවට වඩා කතාවේ තාත්වික බව රැකගන්න Rockstar මේ පාර පසුබට වෙලා නෑ කියන එකට ඒක හොඳම උදාහරණයක්.

කලින් ලිපියේදී අපි කතා කළානේ Rob Nelson කියපු, උදේට කෝපි බීලා ඉවර වුණාම mug එක බිම දාන්න බෑ මේසේ උඩින් තියන්න ඕනේ කියන කතාව. ඇත්තටම ඒක පොඩි උදාහරණයක් විතරයි. මුළු game එක පුරාම ඒ වගේ පිස්සු හැදෙන සියුම් විස්තර පිරිලා තියෙනවා. හෙලිකොප්ටරයක් පහතින් යද්දී වතුරේ රවුමට රැලි හැදෙන හැටි, Lucia ටිකක් දුවලා නැවතුණාම නළලේ මතුවෙන පොඩි දාඩිය ඉර, ඇඟ හරවද්දී shirt එකේ රෙද්ද රැලි ගැහෙන විදිහ, punching bag එකකට ගහද්දී ඒක ඇතුළට එබිලා ආයෙත් හැදෙන හැටි, ඒ වගේම කොණ්ඩේ හුළඟේ පාවෙන විදිහ පවා හරිම ස්වාභාවිකයි. කාර් එකක දොර හරියට අරින්න ඉඩ නැති තැනකදී ඇඟ හකුළගෙන ඇතුළට රිංගන හැටි, එක අතක බඩුවක් තියාගෙන අනිත් අතින් තුවක්කුවක් පාවිච්චි කරන හැටි, අඩුම තරමේ තනි අතින් drink can එකක් කඩන එකට පවා වෙනම animations හදලා තියෙනවා.

එතකොට 17 වෙනිදා අපි පොඩි දුකකින් කතා කරපු 30fps කතාවට මොකද වුණේ? ඔව්, සාමාන්‍ය PS5 එකේ game එක run වෙන්නේ 30fps වලට lock වෙලා තමයි. හැබැයි ඇත්තටම සෙල්ලම් කරන්න ගත්තම මේ 30fps අගය කොහෙවත් කැඩෙන්නේ හරි drop වෙන්නේ හරි නැතුව හරිම smooth විදිහට තියෙන නිසා විනාඩි කීපයක් යද්දී ඒක ගාණක්වත් නැතුව යනවා. පාරවල්වල ඉන්න මිනිස්සුන්ගේ සහ වාහනවල තදබදයයි, විශේෂයෙන්ම රෑ කාලයේ lighting ටිකයි දැක්කම ඒකට 30fps කැප කරපු එක සාධාරණයි කියලා හිතෙනවා. මේ පාර රෑ කාලය ඇත්තටම කළුවරයි. ඒ නිසා වාහනවල headlights, වෙරළට එන කුණාටු, ඒ වගේම අහසේ ඉඳන් Vice City දිහා බලද්දී හැම ලයිට් එකක්ම වෙන වෙනම පේන හැටි හරියට Microsoft Flight Simulator වගේ. වෙනසකට තියෙන්නේ plane එක බස්සලා airport එකෙන් එළියට ඇවිත් drive-thru එකකින් burger එකක් ගන්නත් මෙතැන පුළුවන් වෙන එකයි. අනික සින්දු ටිකත් මරු. පරණ V-Rock, Emotion සහ Vice City FM ආයෙත් ඇවිත් තියෙනවා වගේම The Chamber කියලා අලුත් metal station එකකුත් දාලා තියෙනවා. ඒ stations හතරේ විතරක් සින්දු 200 කට කිට්ටුයි.

වාහන පදින එක සහ car culture එක පැත්තෙන් ගත්තොත් නම් මේක GTA ඉතිහාසයේ හොඳම අත්දැකීම කියලා කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. පාරේ යන හැම වාහනයක්ම නිකන්ම 3D model එකක් නෙවෙයි, කාගේ හරි ඇත්ත වාහනයක් වගේ. සමහර වාහනවල Leonida අව්වට paint එක පිච්චිලා, ඇතුළේ සීට් ගෙවිලා, ඩිකියේ එක එක අඩුම කුඩුම පිරිලා, සමහර පරණ වාහන කළු දුම් දාගෙන යනවා. Engine swaps, exhaust සහ supercharger mods කරද්දී සද්දේ ඇත්තටම වෙනස් වෙනවා. පුදුමම දේ තමයි හදිස්සියට Pay 'n' Spray එකකින් ගහන paint එකක තියෙන රළු orange peel ගතියයි, හොඳ custom shop එකකින් ගහන paint එකකයි වෙනස පවා පැහැදිලිව පේන්න හදලා තියෙන එක. ඒ වගේම බෝට්ටු පවා trailer එකක පටවගෙන map එකේ අනිත් කෙළවරේ තියෙන වෙන boat ramp එකකට ගිහින් වතුරට දාන්න පුළුවන්. වාහන හැප්පුනාම කැඩෙන විදිහ GTA V එකට වඩා ගොඩක් දියුණුයි. හරියට Wreckfest වගේ කණ්ණාඩි, ලයිට්, අඩුම තරමේ රෝද පවා ගැලවිලා යනවා. Car handling එකත් GTA IV එකේ තිබුණ ඒ බර ගතිය තව ටිකක් smooth කරලා අරන් තියෙන නිසා වංගු වලදී car එක slide කරලා ගන්න එක මාරම ආතල්. හැබැයි බයික් පදිද්දී නම් කාර් තරම්ම ලස්සනට feel වෙන්නේ නෑ, පොඩි තද ගතියක් තියෙනවා.

හරි, දැන් එමු හැමෝම අහන අනිත් වැදගත්ම ප්‍රශ්නෙට. ලොකු bugs සහ අඩුපාඩු තියෙනවද? මේ තරම් දැවැන්ත game එකක් launch දවසෙම එළියට එද්දී game එක crash වෙන, සෙල්ලම් කරන්න බැරි තරම් ලොකු bugs තියෙයි කියලා ගොඩක් අය බය වුණාට, අවංකවම කිව්වොත් එහෙම ලොකු game-breaking bugs නම් හරිම අඩුයි. 30fps වලට සීමා කරලා stability එකට මුල් තැන දීපු එක එතැනදී ලොකු වාසියක් වෙලා තියෙනවා.

හැබැයි මේක සියයට සියයක්ම අඩුපාඩු නැති game එකක් කියන්නත් බෑ. විශේෂයෙන්ම game එකේ සමහර තැන්වල realism එක අහස උසටම අරන් ගිහින් තියෙන නිසාම, තව ටිකක් animation සහ physics මදි තැන් එකපාරටම ඇහැට අහුවෙනවා. උදාහරණයකට කෑම හදලා දෙන තැන්වල, drive-thru හෝ කඩවල්වල සිද්ධ වෙන පොඩි පොඩි දෛනික interactions වලදී, හැම චලනයක්ම හරියට animate කරනවා වෙනුවට තාමත් පොඩි shortcuts ගන්න තැන් තියෙනවා. එක පැත්තකින් කෝපි කෝප්පේ තියන හැටියි, තනි අතින් drink can එක කඩන හැටියි මෙච්චර සියුම්ව හදලා තියෙද්දී, අනිත් පැත්තෙන් කෑම පිළිගන්වන හැටි හෝ සාමාන්‍ය NPC කෙනෙක්ගේ පසුබිම් වැඩකදී physics ටිකක් රළු විදිහට පේන වෙලාවල් තියෙනවා. ඒ වගේම මේ වගේ දැවැන්ත open world එකක ඉඳහිට පොඩි animation clipping එකක් හරි අමුතු physics හැසිරීමක් හරි අහුවෙන එක සාමාන්‍යයි. ඉස්සරහට එන patches වලින් ඒ ටික තවත් ඔපමට්ටම් වුණොත් නම් කියන්න වරදක් නැති තරම්.

අවසන් කරන්න කලින්, අදම Vice City වලට බහින්න ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන settings පහක් ගැනත් මතක් කරලාම ඉන්නම්. මුලින්ම පරණ GTA controls වලටම හුරු වුණු අය ඉන්නවා නම්, Settings වල Control Scheme එකට ගිහින් Default තියෙන එක Classic වලට මාරු කරගන්න. එතකොට කලින් වගේම X හරි A හරි ඔබලා දුවන්නත්, Square එකෙන් jump කරන්නත් පුළුවන්. දෙවෙනි දේ තමයි 30fps වලදී game එක පුළුවන් තරම් smooth විදිහට පේන්න නම්, Settings වල Display හරහා Visual Effects වලට ගිහින් Motion Blur Strength එක සම්පූර්ණයෙන්ම අඩු කරලා දාන්න. ඒ එක්කම Settings වල Camera ඇතුළේ තියෙන Comfort section එකට ගිහින් Camera Shake එක off කරලා, එතැනම තියෙන Camera Bob එකත් low වලටම අඩු කරගන්න එකෙන් සෙල්ලම් කරද්දී ලොකු පහසුවක් දැනෙනවා. අන්තිමටම Settings වල Controller යටතේ තියෙන Aim & Look Sensitivity ඇතුළට අලුතින්ම Aim Response Curve කියලා setting එකක් එකතු කරලා තියෙනවා. ඒකේ Standard, Linear, Precision සහ Aggressive කියලා options හතරක් තියෙන නිසා, ඒ ටික පොඩ්ඩක් try කරලා බලලා ඔයාගේ අතට හරියටම හුරු වෙන එක තෝරගන්න පුළුවන්.

ඉතින් ඔක්තෝබර් 28 ඉඳන් නොවැම්බර් 17 වෙනකන් අපි එක දිගට කතා කරපු ඒ අවුරුදු ගාණක බලාපොරොත්තුවට අද හොඳ සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. 30fps සීමාවයි, කෑම හදලා දෙනවා වගේ සමහර එදිනෙදා animations වල තියෙන පොඩි අඩුපාඩු ටිකයි පැත්තකින් තිබ්බම, open-world game එකක් කොයි තරම් ඇත්තටම දැනෙන්න හදන්න පුළුවන්ද කියන සීමාව Rockstar ආයෙත් සැරයක් උඩටම අරන් ගිහින් තියෙනවා. කලබල නොවී හෙමින් සැරේ රසවිඳින්න ඕනේ අත්දැකීමක් තමයි මේක.

එහෙනම් කට්ටිය කියාගෙන යමු බලන්න, අද දැනටමත් Vice City බැස්ස අයට මුලින්ම හිතට වැදුණු දේ මොකක්ද? පරණ ගණිකා scenes අයින් කරපු එක ගැන ඔයාලා හිතන්නේ මොකක්ද, ඒ වගේම play කරද්දී ඔයාලට අහුවුණු පොඩි bugs හරි අමුතු animations හරි මොනවද?

Admin: Adithya Bandara