
Hemal Ranasinghe pleads guilty to assault charges and pays LKR 5 lakh in compensation.
මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිදු වීමකට වරද පිළිගැනීමෙන් පසු ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහට අධිකරණයෙන් රු: ලක්ෂ 5ක වන්දි මුදලක් නියම කරයි.
පසුගිය ජනවාරි මාසයේ පැවති Father චිත්‍රපටයේ මංගල දර්ශනය අතරතුර මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිදුවීමකට අදාළව ජනප්‍රිය රංගන ශිල්පී Hemal Ranasinghe අද දින අධිකරණයේදී සිය වරද පිළිගෙන තිබෙනවා. එහිදී ඔහුට රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කළ මහේස්ත්‍රාත් තුමිය, සිනමාවේ දාන පාට් සැබෑ ජීවිතයේ දාන්න එපා යනුවෙන් ඔහුට දැඩි අවවාදයක් ද ලබා දී තිබුණා.
මෙම නඩුවේ මුල් නඩු වාර 2 හිදීම තමන් පහරදීමක් සිදු නොකළ බවත්, අතින් අල්ලාගෙන කතා කිරීමට පමණක් උත්සාහ කළ බවත් Hemal Ranasinghe විසින් ප්‍රකාශ කර තිබුණා. එහෙත් CCTV දර්ශන සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවට අනුව මොට ආයුධයකින් පහර දී ඇති බවට අධිකරණයට කරුණු වාර්තා වී තිබුණා. ඊට අමතරව ප්‍රවීණ රංගන ශිල්පිනී Chandani Seneviratne ද මෙහිදී ප්‍රබල ඇසින් දුටු සාක්ෂියක් ලබා දෙමින්, පහරදීම සිදුවන අවස්ථාවේ තමන් මැදිහත් වී එය සමථයකට පත් කළ බව ප්‍රකාශ කර තිබෙනවා.
CCTV දර්ශන, වෛද්‍ය වාර්තා සහ Chandani Seneviratne ගේ ඇසින් දුටු සාක්ෂි යන සියල්ල පදනම් කරගනිමින් වින්දිත පාර්ශ්වය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව, Hemal Ranasinghe ගේ පාර්ශ්වයෙන් මෙම ගැටලුව සමථයකට පත් කිරීමට යෝජනා කර තිබුණා. ඒ අනුව අද දින ගරු අධිකරණය ඉදිරියේ තමන් අතින් පහරදීමක් සිදුවූ බවත් එය වැරදි ක්‍රියාවක් බවත් පිළිගත් ඔහු, රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදල ගෙවීමට කටයුතු කරමින් නඩුව අවසන් කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.